ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තිය සමිති හතක නිලධාරීන් 28 දෙනකුට ප්‍රසාද දීමනා හා දිරිදීමනා වශයෙන්

රුපියල් එක්කෝටි දාහක් ලක්ෂයකට වැඩි මුදලක් පසුගිය 2022 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ අනුව ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් එකොළොස් ලක්ෂයකට ආසන්න මුදලක්ද දීමනා වශයෙන් එක් කෝටියකට වැඩි මුදලක්ද ගෙවා ඇතැයි  එම වාර්තාවේ දැක්වේ.

වෘත්තීය සමිති කටයුතු සඳහා නිදහස් කරන ලද නිලධාරියකුගේ වැටුප් සහ ජීවන වියදම් දීමනාව රජය විසින් ගෙවනු ලබන අතර ඔහු රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවන්නේ නම් රජයේ දායක මුදල් කොටස ඔහු නියෝජනය කරන  සංගමය එම අරමුදලට ගෙවිය යුතු නමුත් එම මුදල මණ්ඩලය විසින්ම  ගෙවනු ලබන බව විගණන නිලධාරින්ට නිරීක්ෂණයවී ඇත.

(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ)

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්