සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසයක් පිළියෙල කිරීමට යන වියදම 2023 වසරට වඩා සුළු වශයෙන් පහත වැටී ඇත.

එසේ වුවත්, එම වියදම තවමත් 2019 වසරට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ය.

ආර්ථික විශ්ලේෂණ සැපයීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk ප්‍රකාශයට පත්කර තිබෙන සාම්ප්‍රදායික අවුරුදු රසකැවිලි මේසයකට දැරිය යුතු වියදම පිළිබද අධ්‍යනයකින් මෙම තොරතුරු අනාවරණයව ඇත.

PublicFinance.lk වේදිකාව පවත්වාගෙන යන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය යි.

2024 දී, අවුරුදු රසකැවිලි සෑදීමට ගන්නා අඩුමකුඩුමවල මිල 2023ට වඩා 2% කින් අඩුව ඇති බව ද, මෙම අධ්‍යනයෙන් වැඩිදුරටත් හෙළිව තිබේ.

 2023 වසරේ ඒවායේ මිල පැවතුණේ 2019 වසරට සාපේක්ෂව 2.3 ගුණයකින් ඉහළ මට්ටමක ය. 2024 වන විට ඒවායේ මිල, 2019 වසරේ පැවති මිලට සාපේක්ෂව 2.2 ගුණයක් දක්වා පහත වැටී ඇත.

 
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රසකැවිලිවලි පෙළකින් සමන්විත වන අවුරුදු කැවිලි මේසයක් සතුට සහ සෞභාග්‍යය සංකේතවත් කරයි. නිවසින් නිවසට වෙනස් වුවත්, කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් යනු අවුරුදු කැවිලි මේසයක බොහෝ විට දැකගත හැකි රසකැවිලි වර්ගයන් වේ.

මෙම විශ්ලේෂණය සඳහා පුද්ගලයින් 4-5 දෙනෙකුගෙන් යුත් නිවසක් සැළකිල්ලට ගනිමින් “අපේ අම්මා” යූ-ටියුබ් නාලිකාවේ ආහාර වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණ භාවිතා කර ඇත.

කුළුබඩු සමග විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා, ඒවායේ ප්‍රමාණනය ගණනය කිරීමේ සංකීර්ණත්වය හේතුවෙන් මෙම ගණනය කිරීම් වලින් බැහැර කර තිබේ.

2019 (අප්‍රේල් පළමු සතිය), 2023 (අප්‍රේල් පළමු සතිය) සහ 2024 (මාර්තු තෙවන සතිය) සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය සිල්ලර මිල ගණන් දර්ශකයෙන් සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) වෙතින් දත්ත ලබා ගෙන ඇත.

20240404 AvuruduKevili2024 Infographic SIN F2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්