ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) දින කැඳවා තිබේ.

ඒ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ය.

එම පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එහි මුලසුන දැරීමට නියමිත බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටුයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රේල්  4 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමිනි.

අනතුරුව පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථනගතවී ඇති බවට පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා සිදුකළ පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවෙකුට ඇතුළුවීම පොලීසිය විසින් තහනම් කළේය.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් අද පෙරවරු 10ට පදනම් ආයතනයේ කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පවත්වාගෙන යනු ලබන ලිපි ගොනුවේ සඳහන් සාමාජිකයින් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ ශාන් විජයලාල් ද සිල්වා අය හැරුණුකොට අනෙකුත් සාමාජිකයින් ඊට කැඳවා ඇති බව වාර්තා වෙයි.


නීති විරෝධී රැස්වීමක් - පක්ෂ මහ ලේකම් කියයි 


මේ අතර ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමුකරමින්,  අද දිනයේ පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධි බව අවධාරණය කර ඇත.


Image1
image2

image3

 


(උපුටා ගැනීම් adaderana.lk) 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්