සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරු විසින්

සෘජුව තමන් වෙත ඉදිරිපත් කර තිබෙන, ප්‍රාදේශීය සංවර්ධනයට අදාල ව්‍යාපෘති සදහා මුදල් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙසේ මෙම මන්ත්‍රීවරු සදහා විශේෂ සැලකිල්ලක් දක්වා තිබෙන්නේ, පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු විසින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති සදහා මුදල් ලබා දීමට මහාභාණ්ඩාගාරය අදි මදි කරන බවට එම පක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරන තත්ත්වයක් තුල ය.

කාවින්ද ජයවර්ධන සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරු විසින් ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති යෝජනා සදහා රුපියල් මිලියන පනහක් සහ හැටක් වශයෙන් මුදල් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

මේ ආකාරයටම, හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විසින් සෘජුව ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් රුපියල් මිලියන පනහකට වඩා වැඩි මුදලක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජබ මන්ත්‍රීවරු දිනා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙන අතර, පාස්කු ඉරිදා දිනයේ දී ජනාධිපතිවරයා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී භෝජනයකට සහභාගී වී ඇති බවත්, එම අවස්ථාව සදහා පක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී ඇති බවත් මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

( headlinenewslk )

 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්