ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල් ම ව්‍යාප්තියක් සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ

නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අඟහරුවාදා (අප්‍රේල් 16) අභාවප්‍රාප්ත විය.

කොළඹ, පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඔහු 93 වන වියේ පසු විය.

srvodhaya

"දිළිඳුකම තුරන් කිරීම සහ ගැටුම් රහිත සමාජයක් ගොඩනැගීම" සිය මෙහෙවර කර ගත් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හරහා ආචාර්ය ඒ.ටී. ආරියරත්න ශ්‍රී ලංකාවේ දහස් ගණනක් පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීමට කැපවූ අයෙකි.

 

ඒ.ටී. ආරියරත්න යනු කවුද?

ATAriyarathna

අහංගමගේ ටියුඩර් ආරියරත්න හෙවත් ඒ.ටී. ආරියරත්න 1931 වසරේ නොවැම්බර් මස 05 වන දා ගාල්ල, උණවටුනේදී උපත ලැබීය.

උණවටුන බෝන විස්ටා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු, ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.

පසුව, ගුරු අභ්‍යාස විද්‍යාලයට බැඳී ගුරුවරයෙකු බවට පත්වූ ඒ.ටී. ආරියරත්න, 1972 වසර වන තුරු කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළේය.

ඒ අතරතුර, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධියක් ලබා ගත් ඔහුට, එම විශ්වවිද්‍යාලයෙන් ම සම්මාන අචාර්ය උපාධියක් පිරිනැමිණි.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැනු දරුවන් තිදෙනෙකු ඇතුළු දරුවන් 6 දෙනෙකුගේ පියෙකු වූ ඔහු, මුණුබුරු මිණිබිරියන් 12 දෙනෙකුගේ මුත්තණුවෙකු ද විය.


සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපරයේ ආරම්භය

vbcvbcv1958 වසරේදී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයින් 40 දෙනෙකු සහ ගුරුවරුන් 12 දෙනෙකු සමග ගාල්ල, කතළුව ගම්මානයේ කළ ශ්‍රමදාන ව්‍යාපාරය

 

ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ මූලිකත්වයෙන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ආරම්භ වූයේ, 1958 වසරේදී ය.

ඔහු 1958 වසරේදී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයින් 40 දෙනෙකු සහ ගුරුවරුන් 12 දෙනෙකු සමග ගාල්ල, කතළුව ගම්මානයේ කළ ශ්‍රමදාන ව්‍යාපාරයකින් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ආරම්භ වූ බව පැවසේ.

ඔවුන් කුලයෙන් පහත් ලෙස සැලකෙන ගම්මානයක් වෙත රැගෙන ගොස් එම ගම් වැසියන් අතර පැවති එම මත වෙනස් කිරීමට සහය වීම අරමුණු කර ගත්, "අධ්‍යාපනික අත්හදාබැලීමක්" ලෙස එය ක්‍රියාත්මක කෙරිණි.

මෙවැනි "අධ්‍යාපනික අත්හදාබැලීම්" කිහිපයක් ම සිදු කළ අතර, ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වී තිබිණි.

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ගොඩ නැගී ඇත්තේ, ඒ තුළිනි.

වසර 65ක් පුරා සිදුවූ සේවාව

gfgdgdr

ශ්‍රී ලංකාවේ පිහිටි ගම්මාන 38,000න් ගම්මාන 15,000කට සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලබා දීමට හැකි වී ඇතැයි ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ දෙටු පුත් සර්වෝදය ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය වින්‍යා ආරියරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

 

"පවුල් වශයෙන් ගත්තොත් අපේ සාමාන්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙන පවුල් ලක්ෂ 3ක් විතර තියෙනවා. ඊට අමතරව, ආර්ථික අර්බුදය වැනි ආපදා අවස්ථාවල අපි සහන සේවා ලබා දුන්නා, පවුල් ලක්ෂ 5කට. සමස්තයක් වශයෙන් ගත්තා ම ලංකාවේ ග්‍රාමීය සහ නාගරික ගම්මානවල 30-40%ක පමණ ප්‍රතිශතයකට සර්වෝදය සේවාවන් අවුරුදු 65ක කාලය තුළදී තාත්තා ලබා දීලා තියෙනවා," වෛද්‍ය වින්‍යා ආරියරත්න පැවසීය.

 

මේ වන විට, තවදුරටත් වර්ධනය වී ඇති සර්වෝදය ව්‍යාපාරය අධ්‍යාපන ආයතන, මූල්‍ය ආයතන හරහා ද තරුණ ප්‍රජාවට මෙන් ම ආර්ථික ගැටලුවලට මුහුණ ග්‍රාමීය ප්‍රජාවට ද සහන සලසයි.


'ස්වේච්ඡා සේවය, සංවර්ධන දර්ශනයක් බවට පත් කළා'

ආචාර්ය ඒ.ටී. ආරියරත්න "ස්වේච්ඡා සේවයට වටිනාකමක් ලබා දී එය සංවර්ධන දර්ශනයක් බවට පත් කළ බව වෛද්‍ය වින්‍යා ආරියරත්න පැවසීය.

 

"එතුමාට තිබුණා පුළුල් දැක්මක් රට ගැනත්, ඒ වගේ ම ලෝකය ගමන් කළ යුතු තැන ගැනත්. එතුමා ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලය ම අවංකව ම කැප කළා.

නිර්භයව එයා විශ්වාස කළ දර්ශනය වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගේ ම, දිවා රෑ නොතකා වැඩ කළා. ඒ වගේ ම එතුමාට විශාල පෞරුෂයක් තිබුණා, හැම දෙනාගෙ ම හිත් දිනාගෙන, ස්වේච්ඡා සේවය කියන එකට වටිනාකමක් දීලා, ඒක සංවර්ධන දර්ශනයක් හැටියට ඉතා ම විද්‍යාත්මක ක්‍රමයකට මුළු රට පුරා ම ත්, ඒ වගේ ම මේ පණිවුඩය ලෝකයට ගෙන යන්නත් එතුමා කටයුතු කළා. ඉතින් මම එයාගේ ජ්‍යෙෂ්ඨ පුතා හැටියට ආඩම්බර වෙනවා, එතුමා කරපු සේවය ගැන. අපිටත් ඒ සේවය දිගට ම කරගෙන යන්න පුළුවන් විදිහට අපේ සර්වෝදය හරහා නායක නායිකාවන් පරම්පරා තුන හතරක් ම හදලා තමයි එයා දැන් අපෙන් නික්ම යන්නේ."

 


ලැබූ සම්මාන

19691969 වසරේදී ප්‍රජා නායකත්වය වෙනුවෙන් රැමෝන් මැග්සේසේ සම්මානය ලැබූ අවස්ථාව

 

ආචාර්ය ඒ.ටී. ආරියරත්න දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. ඒ අතරින්, 1969 වසරේදී ප්‍රජා නායකත්වය වෙනුවෙන් ලැබූ රැමෝන් මැග්සේසේ සම්මානය විශේෂ ය.

1994 වසරේදී මිනිසෝටා විශ්වවිද්‍යාලයෙන් හ්‍යුබර්ට් එච්. හම්ෆ්‍රි ජාත්‍යන්තර මානුෂීය සම්මානය පිරිනැමිණි.

ඊට අමතරව, 1996 වසරේදී ඉන්දීය රජය ඔහුට ගාන්ධි සාම ත්‍යාගය පිරිනැමීය. 2005 වසරේදී සුෂිල් කුමාර් ජාත්‍යන්තර සාම සම්මානයෙන් ද පිදුම් ලැබීය.

19961996 වසරේදී ඉන්දීය රජය ඔහුට ගාන්ධි සාම ත්‍යාගය පිරිනැමීය.


2007 වසරේදී ශ්‍රී ලංකාවේ පිරිනැමෙන ඉහළ ම සම්මානයක් වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

ඇතැමුන් ඔහු "ශ්‍රී ලංකාවේ ගාන්ධි" නමැති විරුදාවලියෙන් ද හඳුන්වා තිබේ.


අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

අභාවප්‍රාප්ත වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය බදාදා (අප්‍රේල් 17) පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කිරීමට නියමිත ය.

අප්‍රේල් 20 වන දා දහවල් 12.00 දක්වා එම ස්ථානයේ තැන්පත් කර තැබෙන දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ.

20 වන දා පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත ය.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්