උතුරේ පෞද්ගලික ඉඩමක එළිමහනේ රෝහල් අපද්‍රව්‍ය ගොඩ ගසමින් පරිසරයත්, මහජන සෞඛ්‍යයත් අනතුරේ හෙලීමට

එරෙහිව ප්‍රදේශවාසීන් අරගල කිරීමෙන් අනතුරුව එම කැලි කසල ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.  

අක්ෂි රෝහලක් ඉදිකිරීම සදහා දස වසරකට ඉහතදී දීර්ඝකාලීන බදු පදනම මත ලබා දුන් පෞද්ගලික ඉඩමක රෝහල් අපද්‍රව්‍ය මුදාහැරීම නිසා ප්‍රදේශවාසීන් සෞඛ්‍ය අවදානමකට මුහුණ දී ඇති බව පෙන්වා දෙමින් යාපනයේ ගම්වාසීන් පිරිසක් රෝහල් බලධාරීන්ට එරෙහිව විරෝධතාවයක් දියත් කර ඇත්තේ අප්‍රේල් 11 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේය.

මේ වනවිට එම භූමියේ තිබු කුණු ගොඩින් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කොටගෙන ඇති බව පළාත්බද මාධ්‍යවේදීහු පවසති.

කෙසේ වෙතත්, භූගත ජලය ඇතුළු පාරිසරික සම්පත්වලට මේ වනවිට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් පිළියම් යොදන ලෙසද විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.


යාපනය නුවර ප්‍රධාන මාර්ගය අරියාලේ ප්‍රදේශයෙන් හරස් කරමින් පැය තුනක පමණ කාලයක් උද්ඝෝෂණය කළ ගම්වාසීන් ඉල්ලා තිබුනේ එම අපද්‍රව්‍ය වහාම ඉවත් කර ජනතාවට ජීවත් වීමට සුදුසු සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නිර්මණය කර දෙන ලෙසයි.


රෝහලක් ඉදි කර නොමැති නමුත් ඉතා භයානක රෝහල් අපද්‍රව්‍ය එම ඉඩමට මුදා හැර ඇති බව උද්ඝෝෂණයට එක්ව සිටි එක් විරෝධතාකරුවෙක් අවධාරණය කළේය.

“මේ ඉඩම අවුරුදු 10 කට පෙර යාපනය ශික්ෂණ රෝහලට අක්ෂි රෝහලක් ඉදිකිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දුන් ඉඩමක්. කාලයක් තිස්සේ මෙහි කිසිම වැඩක් කෙරුණේ නැහැ. කෙසේ වෙතත්, මෙම භූමියෙන් නරක ගඳක් පිටවීමට පටන් ගත්තා. කසල ගැන කතා බහ උනා. අවට සිටි අය දුර්ගන්ධය දරාගත නොහැකි උනාම ඔවුන් ගිහිල්ලා එතන බලන කොට ඉතා භයානක වෛද්‍ය අපද්‍රව්‍ය, ලේ රෙදි කැබලි, ඉඳිකටු සහ සිලින්ජර්, සේලයින් බට ඇතුළු ගොඩක් අපද්‍රව්‍ය දැකගන්න ලැබුනා. මේවා ඉතා අනතුරුදායක වෛද්‍ය අපද්‍රව්‍ය.”

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ කොපමණ කාලයක් තිස්සේ එම භුමියට රෝහල් අපද්‍රව්‍ය බැහැර කරනවාද යන්න ප්‍රදේශවාසීන් නොදන්නා අතර පසුගියදා එම අපද්‍රව්‍ය වලට ගිනි තැබීමත් සමග දුර්ගන්ධය හැමීම නිසා ඊට හේතුව කුමක්දැයි  ඔවුන් සොයා බලා ඇති බවයි.

තාප්ප වලින් වට කොට ඇති එම භුමියේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින ආරක්ෂක නිලධාරියා පළාත් බද වාර්තාකරුවන් සිදු කළ විමසීම් හමුවේ පවසා ඇත්තේ එම අපද්‍රව්‍ය වලට ගිනි තැබුවේ කවුරුන්ද යන්න තමන්ද නොදන්නා බවයි.

මේ තත්වය තුළ ගම්වාසීන් විමසා සිටින ප්‍රශ්න තුනක් සදහා බලධාරීන් පිළිතුරු ලබා දිය යුතු බව විරෝධතාකරුවෙක් මාධ්‍යවේදීන් හා කියා සිටියේය.


“මේ වෛද්‍ය අපද්‍රව්‍ය නේවාසික ප්‍රදේශයට දැම්මේ කුමන පදනමකින්ද? එය ආරක්ෂිතව බැහැර කරන්නේ කවදාද? මේවා ඉවත් කළත් භූගත ජලයට හා පරිසරයට වන හානිය වළක්වා ගන්නේ කෙසේද? ”


විරෝධතාවය නතර කිරීම සදහා පොලීසිය දැරූ උත්සාහය අසාර්ථක වු බව පවසන පළාත් බද වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ රෝහල් බලධාරියකු පැමිණ විසදුමක් ලබා දෙන තෙක් උද්ඝෝෂණය නතර කිරීමට ගම්වාසීන් එකග නොවු බවයි.

පසුව යාපනය රෝහලේ අධ්‍යක්ෂ ටී. සත්‍යමුර්ති එම ස්ථානයට පැමිණ රෝහල්  අපද්‍රව්‍ය එම භුමියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂණය නතර කිරීමට අරියාලේ ගම්වාසීන් ක්‍රියා කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 jkldjf

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්