ප්‍රබන්ධ මිනිසුන් අතර හමුවන ඇත්ත මිනිසෙක් ගැන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඊයේ (19) කීවේය. ඒ පාලිත තෙවරප්පෙරුමගේ මළගෙදරදී ය.

වෙනත් පක්ෂයක දේශපාලඥයෙක් පිළිබඳ සිය දේශපාලන ඉතිහාසයේ මුල්ම අවමංගල කථාව කරමින්  ඔහු කීවේ  නිර්ප්‍රභූ දේශපාලයක් කළ පාලිතට පක්ෂ පාට අතර අන්තරය ඉතාම කෙටි එකක් වූ බවය.

තමන් සහ පාලිත තෙවරප්පෙරුම දෙදෙනාම පාර්ලිමේන්තුවට නොතේරුණ 2020 මැතිවරණයෙන් පසු පාලිත තෙවරප්පෙරුම කී තමන් පුදුමයට පත් කළ කතාවක් නලින්ද ජයතිස්ස කීවේය.

“ ඔහු ඔහුගේ සමීපතමයින්ට, පසුව පුවත් පත් සහ රූපවාහිනි යූටියුබ් නාලිකා ඉදිරියට ඇවිත් කියලා තිබුණා මට දුක මම පාර්ලිමේන්තුවට තේරුන් නැති එක නෙමෙයි. නලින්ද කලුතරින් පාර්ලිමේන්තුවට තේරුනේ නැති එක කියලා. මේ කතාව මම මුලින් විශ්වාස කළේ නෑ. මෙහෙම කතාවක් තමන්ගේම පක්ෂවල අයවත් කියන්නෙ නෑ. පාලිත එහෙම කෙනෙක්…”

“ඇත්ත මිනිසුන් කළුයි. ඇත්ත මිනිස්සු සුදුයි. ඒ ඇත්ත මිනිස්සුවන අපි කාගෙත් තියෙන්නේ සුදු සහ කළු මිශ්‍රණයක්. පාලිත එහෙම මිනිහෙක්. පාලිත කෙනෙක් හදන්න බෑ. ඒ අඩුව හදනවා පුරවනවා කියන්නේ වෙන්නෙ නැති වැඩක්. අපි ඔක්කොම එකතු වෙලා ඒ  හිදැස පුරවන්න වැඩ කරමු. නලින්ද ජයතිස්ස පැවසුවේ.

නලින්ද ජයතිස්ස කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.


(lankasara.com)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්