leader s

මට මතක විදියට මේක සිද්ද වෙන්නේ යහපාලන කාලේ.

පාලිත තෙවරප්පෙරුම මොකක් හරි අමාත්‍යාංශයක රාජ්‍ය ඇමති. අපේ විශ්ව විද්‍යාලේ පරිපාලනය පොරට ආරාධනා කරනවා මොනවා හරි මඟුලක් විවෘතකරන්න එන්න කියල.  

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලවල විවෘත කිරීම් වගේ දේවල් වලට දේශපාලනඥයෝ එනවට ශිෂ්‍ය සංගම් එච්චර මනාපයක් නැහැ. ඒක හැමෝම දන්නා කරුණක්. 

 



බලාපොරොත්තු වෙච්ච විදියටම ඔය කියන දවසේ ශිෂ්‍ය සංගමය සහ පොදු ශිෂ්‍යයෝ පොර එන වෙලාවේ ගේට්ටුව හරස් කරගෙන විරෝධයක්. දේශපාලඥයින්ට මේ භූමිය තහනම් ඒ නිසා එන්න එපා කියල. ඇතුලට යන්න ඕනිම නම් තවත් ගේට්ටුවක් තියනවා උනත් පාලිත එහෙම නොකර අර විරෝධතාව ළඟ නැවතුණා. පොලිස්කාරයෝ මොකෙක්වත් හිටියෙත් නැහැ. ඩ්‍රයිවයි පොරයි විතරයි. 

උසට මහතට පොර එළියට බැස්ස. උඹලගේ විරෝධය හරි බං කියල අර ශිෂ්‍යයෝ වාඩිවෙලා ඉන්න තැනම පොරත් වාඩි උණා. දැන් පොරත් විරෝධයේ කොටසක්. 

මෙච්චර කල් සතුරා - පස මිතුරා - අනෙකා යනුවෙන් අපි හඳුන්වා ගත්ත දේශපාලනඥයා අර ''පසමිතුරු රේඛාව'' දියකරලා අරගලයේ කොටසක් බවට පත්වුණා. මම හිතන්නේ පැයකට ආසන්න කාලයක් වතුරවත් නැතුව පොර දිගටම වාඩිවෙලා හිටියා ශිෂ්‍යයෝ එක්ක.

ගැටුමක් ඇතිවුණේ නැහැ. ශිෂ්‍ය විරෝධය උත්සන්න උනෙත් නැහැ. ටිකක් වෙලා එහෙම ඉන්න කොට මම හිතන්නේ විශ්ව විද්‍යාල පරිපාලනය ශිෂ්‍යයෝ එක්ක කතාකරල වැඩේ සමතයකට පත්කරගත්ත.

පාලිත ඇතුළට ඇවිත් අර මොකක්ද විවෘත කිරීම කරලා පොඩ්ඩක් වෙලා ඉඳල යන්න ගියා.

සබරගමුවේ පාලිත පිළිබද මතකය ඕක. වෙන කවුරුහරි ලියයි කියල හිටියට ලිව්වේ නැති නිසා ලිව්වේ.

 

වතුරෙන් තාමත් සත 02ක් පාඩුයි ! - සනත් නිශාන්ත

අනික කවුද එකෙක් අහල තිබ්බ පාලිත සනත් නිශාන්තගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලත්. මේක ලියන්න ඒකත් එක හේතුවක්. 

ඉහත චිත්‍රය ඇතුලේ විතරක් තියල බැලුවත් පාලිත තෙවරප්පෙරුම කියන චරිතයට සරල අර්ථකතනයක් දෙන්න බැහැ. එහෙම චරිත අඩුයි.

රොහාන් නම් මිත්‍යා කතාව (Rohan the Myth) - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්