පසුගියදා ඉන්දියාවේ සිට මෙරට පැමිණි ඉන්දියාවේ අයෝධ්‍යා නගරයේ පිහිටි විශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන පූජක ධූරන්දර

මෙන්ම ශ්‍රී රාම් ජන්ම භූමි තීර්ත් ක්ෂේත්‍ර භාරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අති උතුම් ගෝවින්ද් දේව්ගිරි මහ රජ් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සහ ඉන්දියානු ආයෝජක කණ්ඩායමක්  අද දිනයේදී මහනුවර සංචාරයක නිරත වුහ.  

මෙම සංචාරය අතරතුර මහනුවර ශ්‍රී දළදා මාලිගාව දියවඩන නිලමේ සමග විශේෂ සාකච්ඡාවකට ද ඔවුන් එක්විය.

මෙම දූත පිරිස මල්වතු මහා විහාරාධිපති මාහිමිපාණන් වහන්සේ සමග ද සුහද සාකච්ඡාවක නිරත විය.

එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ඓතිහාසික සංස්කෘතික පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික හා අධ්‍යාත්මික බැඳීම පිළිබඳවත් සාකච්ඡා කර ඇති අතර දෙරට අතර පවතින සුවිශේෂ මිත්‍රත්වය වර්තමාන හා අනාගත පරම්පරාව වෙත ගෙන යා හැකි මාර්ග අදහස් හුවමාරු කරගෙන තිබිණ.
kjkldfjdjd

“ශ්‍රී රාමායන් ට්‍රේල්ස්” දියත් වේ ...

ඉන්දු - ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) පස්වරුවේ කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදු විය.

ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක එක් විය.

“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය මඟින් රාමායන වීර කාව්‍යයේ සඳහන් වන ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් හින්දු භක්තිකයින්ගේ වන්දනාව සහ සංචාරය සඳහා ප්‍රචලිත කිරීම සිදු කෙරෙන අතර අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණයි.

මෙම සිද්ධස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට අමතරව, මෙම ඓතිහාසික සිද්ධස්ථාන හා බැඳුණු පැරණි අධ්‍යාත්මික සිදුවීම් කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality, සහ Virtual reality වැනි අති නවීන තාක්‍ෂණය ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම හරහා මෙම සංචාරයෙහි නිරතවන්නන් හට නවමු අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම වන්දනා චාරිකා ව්‍යාපෘතිය සඳහා මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ආදම්ගේ පාලමේ සිට නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සීතාඑළිය දක්වා රාමායන වීර කාව්‍යයේ සඳහන් සෑම ස්ථානයක්ම තෝරාගෙන ඇත.

හිටපු කතානායන කරු ජයසූරිය, ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, යුරෝපා හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී නිරංජන් දේව් ආධිත්‍ය, හිටපු පොලිස්පතිවරයකු වූ චන්දන වික්‍රමරත්න, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වූ සනත් ජයසුරිය  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


සබැඳි පුවත් :
'ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය ඇරඹේ - ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක්
 

 kljhjkdf

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්