ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයන් සමගින් 'ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා' ('ශ්‍රී රාමායණ මංපෙත්'- Shree Ramayan Trails sri Lanka)

ව්‍යාපෘතිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී ඊයේ (21) නිල වශයෙන් ආරම්භ කරනු ලැබිය.

 

rama 2

 

ඉන්දියාවේ අයෝධ්‍යා හී සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ (ධූරන්දර ශ්‍රී රාම් ජන්මභූමි තීර්ත් ක්‍ෂේත්‍ර භාරයේ) ප්‍රධාන භාණ්ඩාගාරික හා පූජක භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊට අදාල උත්සවය සංවිධානය කර තිබිණ.

 

rama 1
ඉන්දු ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවයේ සහ සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් ආරම්භ කිරීමට අඩිතාලම දමමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේත් සංස්කෘතික හා අධ්‍යාත්මික ක්ෂේත්‍රයේත් සුවිශේෂී සිදුවීමක් සිදු වන ඓතිහාසික දිනයක් ලෙසින් මෙම දිනය ඉතිහාසයට එකතු වනු ඇති බව අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හිමියන් ටාජ් සමුද්‍රා හි ඊයේ (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයකි.

rama 3

ඉංදියාව හා ශ්‍රී ලංකාව එක්වී රාමායණ පුරාවෘතයට නව මානයන් එක් කරමින් එය ආගමික සංස්කෘතික හා අධ්‍යාත්මික වශයෙන් පෝෂණය කර වර්තමාන හා අනාගත පරපුරට ලබා දීම සඳහා ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ('ශ්‍රී රාමායණ මංපෙත්') ව්‍යාපෘතියේ මුලික අරමුණ බව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශවිය.

WhatsApp Image 2024 04 22 at 7.30.46 AM
රාමායණ වීර කාව්‍යයේ අධ්‍යාත්මික හා ඓතිහාසික සාරය විදහා දක්වමින්, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාත්මික ස්මාරක නවයක් (09) ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක ඉඳිකිරීම 'ශ්‍රී රාමායණ මංපෙත්' ව්‍යාපෘතියේ අරමුණකි.

 

WhatsApp Image 2024 04 22 at 7.30.47 AM 2

 

එසේම, මෙම ව්‍යාපෘතියේ ගොඩනැගිලි ව්‍යුහයන් පමණක් නොව, එය පැරණි අධ්‍යාත්මිකත්වය, නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයන් සහ AI තාක්ෂණයෙන් නිර්මාණය ඇතුළු අති නවීන තාක්‍ෂණය සමඟ මිශ්‍ර කර මැකී ගිය ඓතිහාසික සිද්ධීන් සජීවිකරණය කර ප්‍රේක්ෂකයින්ට තිලිණ කිරීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදුකිරීමට නියමිතය.

vathika ashok
එහිදී, මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලමේ සිට නුවරඑළියේ සීතාඑළිය දක්වා සෑම භූමි අඩවියක්ම තෝරාගෙන ඇත්තේ රාමායණ කතාවේ කොටස් ස්පර්ශ කළ හැකි හා පරිවර්තනීය ලෙස එම පුරාවෘතය වර්තමාන සමාජයට පැවසීමට ය. මෙම භූමි අඩවි සංස්කෘතික උරුමයන් සහ අධ්‍යාත්මික අභ්‍යන්තර තොරතුරු විශ්ලේෂණය කිරීමට වඩාත් පහසු හා විධිමත් මාර්ගෝපදේශ සපයන ප්‍රදීපාගාර ලෙස ක්‍රියා කරනු ඇති අතර, ලොව පුරා සිටින සුව සහසක් සංචාරකයින් අතිශයින් ආකර්ෂණය කරන්නාවු සංචාරක මධ්‍යාස්ථාන බවට පත් වනු ඇතිබව මෙහි සංවිධායකයින්ගේ අදහසයි.

 

raama 4
ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හිමියන් විසින් ශ්‍රී ලංකාවේ සිය මංගල සංචාරයේදී අනුමත කරන ලද මෙම ව්‍යාපෘතිය දිවයිනේ සංචාරක ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට නියමිත බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

 අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් කෙරෙහි උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන 'ශ්‍රී රාමායණ මංපෙත්' ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් හිමියන් පැවසුහ.

rama 6
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාහ්, හිටපු කතානායක කරු ජයසූරිය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වූ නෙරංජන් දේවාදිත්‍ය මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය. ශ්‍රී ලංකාව ලොව පුරා අධ්‍යාත්මිකත්වය සහ සහෝදරත්වය සඳහා වඩාත්ම කැමති ගමනාන්තය බවට පත් පත් කරන්නට කැපවෙමු යයි මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් වරයා පැවසිය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සනත් ජයසුරිය ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

jaishreeram.lk වෙබ් අඩවියද ඊයේ පැවති මාධ්‍යහමුවේදී නිලවශයෙන් එළිදැක්විණ.

rama 7

rama 9

rama 10


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්