ජගත් ඔලිම්පික් කමිටුව ඔවුන්ගේ ඉතිහාසයේ විශාලතම සරණාගත ඔලිම්පික් කණ්ඩායම ඉදිරිපත් කරන්නේ මේ වසරේ ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ට යි.


රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36 දෙනෙක් ඊට ඇතුළත්ව සිටිනවා.

 

සිරියාව, සුඩානය, ඉරානය හා ඇෆ්ගනිස්තානය යන රටවල ක්‍රීඩකයන් ඇතුළු මේ කණ්ඩායම ක්‍රීඩා 12ක තරග කිරීමට නියමිතව තිබෙන අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් වෙනුවෙන් මෙවැනි කණ්ඩායමක් නිර්මාණය කළ තෙවැනි අවස්ථාවයි මේ.

RefugeeOlympicTeam 1024x702ඔලිම්පික් සරණාගත කණ්ඩායම ඔවුන්ගේ ම ලාංජනයක් යටතේ ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක පෙනී සිටීම විශේෂත්වයක්.

 

thomas bමීට අමතරව, මෙවර ඔලිම්පික් සරණාගත කණ්ඩායම ඔවුන්ගේ ම ලාංජනයක් යටතේ ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක පෙනී සිටීම විශේෂත්වයක්.

මේ කණ්ඩායම නිවේදනය කරමින් ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

“ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔබේ සහභාගිත්වයෙන් ඔබ ප්‍රදර්ශනය කරන්නේ පහසුවෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ හා විශිෂ්ටත්වයේ මානව ශක්තිය යි. මෙය ලොව පුරා විසිර සිටින උන්හිටිතැන් අහිමි වූ මිලියනයකට වැඩි පුද්ගලයන්ට යැවෙන බලාපොරොත්තුවේ පණිවුඩයක්.”

 

යුද්ධයක් පවතින රටවල හා මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන රටවල තම ක්‍රීඩාව හා පෞද්ගලික ක්‍රියාවන් කරගෙන යාම වළක්වා තිබෙන සරණාගතයින් සඳහා වන ස්වාධීන තරගකරුවන්ගෙන් සමන්විත සරණාගත ඔලිම්පික් කණ්ඩායමක් ප්‍රථම වතාවට නිර්මාණය කෙරුනේ 2016 මාර්තුවේ. සරණාගත ක්‍රීඩකයන්ට උපකාර කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ලෙස 2017 වසරේ සැප්තැම්බරයේදී ජගත් ඔලිම්පික් කමිටුව විසින් ඔලිම්පික් සරණාගත පදනම පිහිටුවනු ලැබුවා.

2021 07 27 eor featured scaled 2020 Tokyo ජපාන ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් 29 දෙනෙකු මේ පදනම විසින් ඉදිරිපත් කළා 

2016 Rio de Janeiro බ්‍රසීල ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් 10 දෙනෙකු ද, 2020 Tokyo ජපාන ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් 29 දෙනෙකු ද මේ පදනම විසින් ඉදිරිපත් කළා. කෙසේ වෙතත්, එම තරගවලදී කිසිම පදක්කමක් දිනා ගැනීමට මේ ක්‍රීඩකයන් අසමත් වුනා.

සිය ලාංජනය ලෙස ඔලිම්පික් ධජය හා ඔලිම්පික් ගීතය භාවිතා කරමින් සරණාගත ඔලිම්පික් කණ්ඩායම 2016 උළෙලේ සමාරම්භක උත්සවයේදී පෙළපාලියේ ගියේ සත්කාරක රට නියෝජනය කරන කණ්ඩායමට මොහොතකට පෙර ක්‍රීඩාංගණයට ඇතුළු වෙමින්. 2020 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලේ ක්‍රීඩක පෙරට්ටුවේදී සරණාගත ඔලිම්පික් කණ්ඩායම ක්‍රිඩාංගණයට පිවිසියේ ග්‍රීසිය ට පමණක් දෙවැනි වෙමින්.

 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්