එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට

නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් අදාළ නෞකා සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ඊයේ  (21) සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ  නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබේ.

මෙම පෙත්සමේ සලකා බැලීම අවසන් වන තුරු අදාළ නඩුව මහාධිකරණය හමුවේ විභාග කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ නඩුව ලබන 31 වනදා මහාධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස දන්වමින් නියෝගයක් නිකුත් කළේය.

(adaderana.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්