හිටපු ඇමැතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගෙනා අය සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවට කියා තිබේ.


ඇය පාර්ලිමේන්තුවට ගෙන ආ සමගි ජනබලවේගයේ පලහිලව්වක් මත ඇයගේ මන්ත්‍රී ධූරය අහිමි වු බව ද ඇමැතිවරයා එහිදි කියා සිටියේය.

“මේක අපේ ඇගේ ගහන්න එන්න එපා. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පත් කරන්න අත්සන් කලේත්, මේ පාර්ලිමේන්තුවට එව්වේත්, මැතිවරණ කොමසාරිස්ට නිර්දේශ කලේත් සමගි ජනබලවේගයමයි. ඊට පස්සේ සමගි ජනබලවේගය ඇතිකරගත්තු දේශපාලන පලහිලව්වක් ප්‍රතිඵලයක් විදියට එතුමියට මන්ත්‍රී කම නැතිවෙන්න ඇති හැබැයි ඒ පලහිලව්ව නොවෙන්න ඇය සහ සමගි ජනබලවේගය අතර මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.”

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ විවාදයට එක්වෙමිනි.

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට මැතිවරණ කොමිසමට නිර්දේශ කළ අයවලුන් ගැන ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“පාර්ලිමේන්තු මැතිවරණය 2020 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 99 ආ වගන්තිය යටතේ දැන්වීම ඉහත සඳහන් කරුණ සම්බන්ධව ඔබ විසින් මා හට එවනු ලැබූ 2020 08 12 ලිපිය හා බැදේ ඒ අනුව සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් වෙන්ව ඇති මන්ත්‍රී ධූර 07 සඳහා පහත සඳහන් නම් නිර්දේශ කර එවමි. මෙම නම් මා විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික ලැයිස්තුවේ නාම යොජනා පත්‍රෙය් ඇතුලත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් කරමි. පළවෙනි නම රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා. දෙවෙනි නම අත්තනායක මුදියන්සේලාගේ කුඩාබණ්ඩා තිස්ස අත්තනායක ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා. 3 ඉමතියාස් බකීර් මාකර් නිතිඥ හා සමාජ සේවක, 4 ඉරාන් වික්‍රමරත්න බැංකුකරු හා ආර්ථික විද්‍යාඥ ,5 නාලක ජූඩ් හරීන් ප්‍රනාන්දු ව්‍යාපාරික හා ක්‍රියානාරි දේශපාලඥ, 6  මයන්ත ලක්ෂමන් දිසානායක ව්‍යාපාරික උපාධිදාරි, 7 ඩයනා ගමගේ නිතිවේදී .”

“එතුමිය ආණ්ඩුවට එකතු වුණා. ආණ්ඩුවත් එක්ක කටයුතු කලා. රාජ්‍ය අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කලා. නමුත් සජබේ මන්ත්‍රී වරියක් හැටියට තමයි එතුමිය මේ පාර්ලිමේන්තුවට ආවේ කියන කාරණය විපක්ෂයේ ඔබතුමන්ලාටත් සමගි ජනබලවේගයටත් මම මතක් කරන්න කැමතියි.” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේය.

SJB Letter Appoint National List Diana Gamage page 0001

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්