මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සහ රුසියානු යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු මෙරටට ගෙන ඒමට සමගි ජන බලවේගයෙන් රාජතාන්ත්‍රික

මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් රැකියා අවස්ථා ලබා දෙන පවසා රවටා මියන්මාරයට ගෙන්වා ගැනීමෙන් පසු මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයට පත් කර සිටින තරුණයක් සහ වැඩි වැටුපකට රැකියා ලබා දෙන පවසා රවටා රුසියාවට ගෙන ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයේ ඉදිරි පෙළ සඳහා බලහත්කාරයෙන් යොදා සිටින ලාංකිකයන් මුදා ගැනීමට සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව විපක්ෂ නායකවරයාගේ මඟ පෙන්වීමට යටතේ සමගි ජන බලවේගයේ නියෝජිතයන් තිදෙනකු එම රටවල්වලට යැවීමට තීරණය කර ඇත.

මේ සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජේ. සී. අලවතුවල, කේ. සුජිත් සංජය පෙරේරා සහ වසන්ත යාපා බණ්ඩාර මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට එම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කළ හැකි දේවල් සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිත බව සජබ නිවේදනය කරයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්