ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

හමු වී සමගි ජන බලවේගයට එක් වී තිබේ.

සමගි ජන බලවේගයෙ විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී මෙසේ හිටපු මැති ඇමැතිවරුන් විපක්ෂ නායකයා හමුවී සිය සහාය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් සජබ හා එක්වු හිටපු අමාත්‍යවරයෙකි.

හෙතෙම 1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ අතර 1994 දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එමෙන්ම ඔහු 2001 වසරේ දී ආහාර වෙළෙඳ කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමත්‍යවරයකු ලෙස කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු තිලක් මහලේකම්ගේ ද මෙසේ සජිත් ප්‍රේමදාස හා එක්ව තිබේ.

1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්ව වසර 7ක් මින්නේරිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයකුව සිටි එච්. සමන්ත බණ්ඩාර ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට සහය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමාජිකත්වය ලබා ගෙන ඇත.

mnzdkfe

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්