එක්සත් ජාතීන්ගේ 24 වන ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට පැරීසියේ ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන්

ඇතුලත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන කොට විවිධ ජාතීන්ගේ ජාතික සංස්කෘතික සංදර්ශනයක් ප්‍රංශයේ ›ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 23 වෙනි වෙසක් පුන් පොහෝය දා පැරීසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත් වුයේය. 

වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය, කාම්බෝජ්ය, ශ්‍රී ලංකාව යන රටවල විවිධ තානාපතිවරු එහි නිලධාරීන්ද සංඝයා වහන්සේලාද උත්සව සභාවේ අසුන් ගෙන සිටියෝය.

 ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මනිෂා ගුණසේකර විසින් ප්‍රධාන දේශනය සිදු කලේය. 

ඉන් අනතුරුව ප්‍රංශ යුනේස්කෝ මූලස්ථානයේ විධායක මන්ඩලයේ සභාපති වෙරා එල් කොහොරි, යුනෙස්කොවේ සමාජ හා මානව විද්‍යාව පිලිබඳ සහාකාර අධ්‍යක්ෂක ගැබ්රියෙලා රාමෝස්, ප්‍රංශයේ සමස්ත බෞද්ධ සංගමයේ සම සභාපති අන්තොනී බුසේමාර්ට්, ශ්‍රී ලංකාවේ සති පාසැල් ව්‍යාපෘතියේ නිර්මාතෘ පූජ්‍ය උඩඊරියගම ධම්මවිජය හිමි, ලාබුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි, ශ්‍රී ලංකාවේ වර්ථමාන අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත යන ආරාධිතයන් විසින් වෙසක් දිනයේ විශේෂත්වය හා බෞද්ධ දර්ශනය පිලිබඳ විශේෂ දේශන පවත්වන ලදී. 

පැරීසියේ ධම්මචක්ක දහම් පාසැලේ දුදරුවන් විසින් භක්ති ගී වැඩ සටහනක්ද ඉදිරිපත් කලේය.

ශ්‍රී ලාංකික, චීන, කාම්බෝජ්, වියට්නාම් හා වෙනත් විවිධ ජාතීන් විශාල පිරිසක් සංස්කෘතික උත්සවය නැරඹුවෝය. 

ශ්‍රී ලංකාවේ පාරම්පරික නර්තන, වියට්නාම්, තායිලන්ත, නේපාල්, ඉන්දුනීසියානු , චීන, මොංගෝලියානු , බංගලදේශය යන රටවල පාරම්පරික සංස්කෘතික නර්තන    හා සංගීතමය වැඩ සටහන් වලින් එදින වෙසක් සැඳෑව ආලෝකමත් කළේය. 

සංදර්ශනය අවසානයේ විවිධ ජාතීන් විසින් සකස් කල එම රට වලට ආවේනික ප්‍රනීත රසවත් කෑම වර්ග ඇතුලත් වෙසක් දන්සැලක්ද පැවැත්වීය.

සටහන :
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

unes 1

unes 4

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්