The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුවට එරෙහි වැඩකට ජනවාරි 24 නීතිඥයන් 1,200ක් කොළඹට රැස්වේ

T

The Leader Desk

December 24, 2025 • 11:00 AM

ආණ්ඩුවට එරෙහි වැඩකට ජනවාරි 24 නීතිඥයන් 1,200ක් කොළඹට රැස්වේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගංවතුර හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම, නීතියේ ආධිපත්‍ය රැකගැනිම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු කේෂ්ත්‍ර රැසකට මේ වන විට Free Lawyers සංවිධාන ක්‍රියාත්මකය.
  • නීතිඥවරුන්ගේ ගරුවත්වයට රාජ්‍ය ආයතන මගින් ද, දේශපාලනඥයින් විසින් ද දිගින් දිගටම බලපෑම් කරන බවත්, අභිමානයෙන් යුතුව වෘත්තීය කර ගෙන යාමට අවශ්‍ය පරිසරය අද වන විට අහිමිව ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් Free Lawyers සංවිධානය අරඹමින් අදහස් දක්වා තිබුණි.
  • වෘත්තීය නීතිඥවරුන් ලෙස අපට පුරවැසියන් පීඩාවට පත් වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටීමට සමාජ වගකීමක් තිබෙනවා.
  • අප එම වගකීම ඉටු කිරීමට කිසිදු ලෙසකින් හෝ පසුබට වන්නේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):


ගංවතුර හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම, නීතියේ ආධිපත්‍ය රැකගැනිම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු කේෂ්ත්‍ර රැසකට මේ වන විට Free Lawyers සංවිධාන ක්‍රියාත්මකය.

දිවයිනේ සියළුම උසාවි  ආවරණය වන පරිදි ඉතා පුළුන් සමාජිකත්වය පදනමක් සහිතව Free Lawyers සංවිධානය ක්‍රියාත්මක ය.

වත්මන් ආණ්ඩුව විසින් සිදුකරන කටයුතු හේතුවෙන් විනිසුරුවරුන් සහ නීතිඥයින් බලවත් පීඩාවකට පත්ව ඇති බවත්,වෙනදා  යුක්තිය පතා ජනතාව විනිසුරුවන් ඉදිරියට ගිය  ද, අද විනිසුරුවරුන්ට තමන්ගේ රැකියාව, වෘත්තිය අතියිවාසිකම් පවා අහිමිවී ඇති බවත් Free Lawyers සංවිධානය ආරම්භ කර මින් නිවේදනය කර තිබුණි.

නීතිඥවරුන්ගේ ගරුවත්වයට රාජ්‍ය ආයතන මගින් ද, දේශපාලනඥයින් විසින් ද දිගින් දිගටම බලපෑම් කරන බවත්, අභිමානයෙන් යුතුව වෘත්තීය කර ගෙන යාමට අවශ්‍ය පරිසරය අද වන විට අහිමිව ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්  Free Lawyers සංවිධානය අරඹමින් අදහස් දක්වා තිබුණි.

වෘත්තීය නීතිඥවරුන් ලෙස අපට පුරවැසියන් පීඩාවට පත් වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටීමට සමාජ වගකීමක් තිබෙනවා. අප එම වගකීම ඉටු කිරීමට කිසිදු ලෙසකින් හෝ පසුබට වන්නේ නෑ.  දැනටමත් අප රට පුරා දේශපාලන හා පරිපාලන හේතු මත පීඩාවට පත් කරනු ලැබූ පුද්ගලයින්ට නීති සහාය ලබා දෙනවා යැයි සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...