මීගමුව ධීවර වෙළඳ මධ්‍යස්ථානයේ දේපල (ලෙල්ලම) සම්බන්ධයෙන් උද්ගතව ඇති ආරවුල විසඳා ගැනීමේ මැදිහත් සාමකාමි පියවරක් සඳහා

සාකච්ජාවක් ආරම්භ කරන්නැයි 'මීගමු පුරවැසි එකමුතු' විසින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන්ගෙන් ඉල්ලිමක් කර ඇත.

පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය පාරම්පරික ධීවර සමිතියක් වන අතර එය 1800 ගණන්වල සිට පැවත එන්නකි.

මෙම සමිතියට අයත් පිටිපන ලෙල්ලම අයත් භුමිය කොළඹ අගරදගුරු හිමිපානන්ට අයත් දේපලක් යැයි පවසා මීගමුව දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.

එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ එම ලෙල්ලම් භුමියේ අයිතිය කොළඹ අගරදගුරුහිමිපානන්ට අයිති දේපලක් බැවින් එය ලබා දෙන ලෙසයි.

එහෙත්, පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ ධීවරයන් පවසන්නේ, පිටිපන ධිවරයින් වසර 65ක් බුක්ති විඳි ලෙල්ලම තමන් ආරක්ෂා කරගත් භුමියක් බැවින් එය තම ධිවරයන්ට අයිති භුමියක් බවයි.

මේ සම්බන්ධ ආරවුල් තත්වයක් මතුවී ඇති අතර ධීවරයින් විසින් කාදිනල් හිමිපානන්ට එරෙහිව විරොධතාවයන් පවත්වන තත්වයකට පත්ව ඇත.

මේ නිසා ඇති විය හැකි ගැටුම්කාරී තත්වය සලකා බලමින් මෙම ගැටුම සාමකාමීව විසඳා ගැනීම සඳහා මැදිහත්වන ලෙස මීගමු පුරවැසි කමිටුව, කාදිනල් හිමිපාණන් ගෙන් ඉල්ලා සිටියි.    

ඔවුන් තවදුරටත් පවසන්නේ ක්‍රිස්තු අනුගාමිකයන් ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය හා සාමය යන ප්‍රථිපත්තීන්ට අනුව කටයුතු කරන ලෙසයි.

'මීගමුව පුරවැසි එකමුතුව' යනු පාස්කු ප්‍රහාරයේ වින්දියන්ට යුක්තිය ඉටුකිරීම සඳහා පිහිටුවාගත් ස්වෙච්චා සංවිධානයකි. පාස්කු ප්‍රහාරයට පසු දින මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්වක වූ ප්‍රහාර වලක්වා ගනිමින් මුස්ලිම් ප්‍රජාවගේ ජිවිත සහ දේපල ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් උර දුන් සංවිධානයකි.

IMG 20240604 WA0014IMG 20240604 WA0015
03.06.2024 dextor letter page 000103.06.2024 dextor letter page 000203.06.2024 dextor letter page 000303.06.2024 dextor letter page 000403.06.2024 dextor letter page 000503.06.2024 dextor letter page 0006

සබැඳි ලිපි :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්