අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර හෙට (06) පැවැත්වීමට දින යොදා ඇති විවාදය සඳහා තම පක්ෂයේ නායක අනුර දිසානායක

සහභාගීවීමට සූදාමින් සිටින බව ජාතික ජන බලවේගය විසින් ස්වාධින රුපවාහිනී සේවයට (ITN ) අද (05) පස්වරුවේ නිල වශයෙන් දැනුම්දී ඇත.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අතර ජුනි 06 දා පැවැත්වීමට යෝජිත රූපවාහිනි සංවාදය සජීවී ලෙස විකාශය කිරීම සඳහා පහසුකම් සැපයීමට සුදානම් බව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් ජුනි 04 දා දෙපාර්ශවය වෙතම ලිඛිත දැනුම්දීමක් කර තිබිණ.

ඒ අනුව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එම විවාදයට සහභාගිවන බව එම බලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ITN ආයතනයට යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර ජුනි 06 වැනි දින පැවැත්වීමට නියමිත විවාදය සඳහා ITN  ආයතනයේ රූපවාහිනී නාලිකාව මගින් පහසුකම් සැලසීමට ඉදිරිපත් වීම පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස එම මාධ්‍ය ආයතනයට ස්තූතිය පළ කර ඇත.

කෙසේ වුවද මෙය සාමාන්‍ය රූපවාහිනී සංවාදයක් නොව දැනටමත් ප්‍රකාශිත විවාදයක් වන බැවින් ප්‍රතිපාර්ශ්වය වන සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ඊට සහභාගි වන්නේද යන්න පිළිබඳව තහවුරු කර ගත යුතුව ඇතැයි ද වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එබැවින් සජබ නායක සජිත් ප්‍රේමදාස  අදාළ දිනයේ යොදා ඇති වේලාවට සහභාගි වන බව දැනුම් දී ඇත්දැයි කඩිනමින් අප වෙත දැනුම් දීමට කටයුතු කරන්නැයි  ද වෛද්‍ය නලින්ද ජයතිස්ස ලිය ලිපිය මගින් ITN  සභාපතිවරයාට දැනුම් දී සිටියි.


2024 ජුනි මස 06 වන දින රාත්‍රී 10.00 සිට සිය මාධ්‍ය ආයතනය සතු HD මැදිරියේදී එම විවාදය පැවැත්වීමට ITN නාලිකාව මේවනවිට සියලු කටයුතු සුදානම් කර තිබේ. එම  වැඩසටහන සජීවී ලෙස විකාශය කිරීම සඳහා විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ආයතන ගණනාවක්ම මේවනවිට ඉල්ලීම් කර ඇතැයි ITN  සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසයි.


jlkfhgvklf

සබැඳි පුවත් :
සජිත්-අනුර ජුනි 06 විවාදයට ITN තුලාව වෙන්කරයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්