මෙරට තුල අපරාධ, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට හා පාතාලය මර්දනය කිරීමට පොලිසියට නිරන්තරයෙන් මහජන සහය අවශ්‍ය බව

මෙන්ම පොලිසිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමෙන් ලාංකීය සමාජය සුරක්ෂිත වන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

“සුවසාර කැදැල්ල” ප්‍රජාපාදක පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන සමූහයේ කැළණිය කොට්ඨාස මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඒ බව පැවසීය.

සමාජ මාධ්‍ය ජාලාවල විශාල කැලඹීමක් ඇති කරමින්, පියා කියා එක්වරම හඳුනා ගතහැකි පුද්ගලයෙකු තම දරුවාට අමානුෂික ආකාරයෙන් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සංසරණය වූ බවත් එම පුද්ගලයා හැකි ඉක්මනින් නීතිය ඉදිරියට රැගෙනවිත් ලබාදියහැකි උපරිම දඬුවම් අපරාධකරුට ලබාදෙන ලෙසටත් තරුණ වැඩිහිටි සියලු පාර්ශවයන් සහ විවිධ සමාජ සංවිධාන ඉල්ලා සිටි බව ද ඔහු කියා සිටියේය.

අපරාධකරු කාගේ කවුරුන්ද  ලංකාවේ කොතැනක සිදු වූ සිදුවීමක්ද යන්න කිසිවෙකුත් නොදැන සිටි අවස්ථාවක මහජනතාව ලබාදුන් සහයෝගයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායේද පූර්ණ සහයෝගය ඇතිව අපරාධකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බවයි පොලිස්පතිවරයා පවසන්නේ.


මහජනතාවට පොලීසිය පිලිබඳ විවේචන තිබිය හැකි බවත් එම වැරදි අඩුපාඩු නිවැරදිකර ගැනීමටපොලීසිය සූදානම් බව කී පොලිසියේ ප්‍රධානියා බහුතරයක් පොලිස් නිලධාරීන් අවංකව කැපවීමෙන් තම රාජකාරිය ඉටුකරන බැවින් පටු අන්තවාදී ලෙස පොලිසියේ චිත්ත ධෛර්යය සහ පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ දැමීමට කටයුතු නොකරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්