නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 වන විට ප්‍රථම උපාධියත් පශ්චාත් උපාධි වයස 23නුත් ආචාර්ය උපාධියක් වයස 27 වන විටත් සම්පූර්ණ

කළ හැකි වන පරිදි අධ්‍යාපනය ලැබීමේ අයිතිය දරුවන්ට තහවුරු කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

වර්තමාන ලෝකය රාජ්‍ය පරිපාලන අවධිය පසු කර කළමනාකරණ යුගය ද ඉක්මවා නායකත්ව යුගයකට පිවිස සිටින අවස්ථාවක අප අධ්‍යාපන ක්‍රමයේ ද වෙනසක් අත්‍යවශ්‍ය බවයි අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ.

දැනුමින් පිරි වත්මන් සමාජයේ අත්‍යවශ්‍ය දැනුම තෝරා බේරාගෙන ප්‍රායෝගික භාවිතයට ගැනීම පිළිබඳ ගැටලුවක් පවතින බවත් වෙනත් දියුණු රටවල අධ්‍යාපන මට්ටම්වලට ද උචිත පරිදි ඉදිරියේ දී ස්ටෙම් - ස්‍ටීම් අධ්‍යාපන ක්‍රමවේද භාවිතය අපේ පාසල් පද්ධතියට යොදා ගන්නා බව ද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරි ජූලි මාසය අවසන් වන විට සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරන අතර ප්‍රමුඛපාසල් 1500ක් පමණ ජාලගත කිරීමත් මේ වන විට ආරම්භ කර ඇති කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතිය 2025 ජනවාරි වන විට පාසල්වලට මුදා හැරීමත් සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.


අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ ඊයේ (06) පැවති වැඩසටහනකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

ගුරුවරුන්ගේ ලෙඩ නිවාඩු ගැනීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ද මුහුණ දීම වශයෙන් උද්ගත වන අභියෝග ජයගත යුතු ව ඇත්තේ ලෙඩ නිවාඩු දැමිය නොහැකි දරුවන්ගේ අයිතිවාසිකම් රැක දීම වෙනුවෙන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට සාමාන්‍යයෙන් මාස තුනහමාරක පමණ කාලයක් ගත වන නිසා එතෙක් පාසල් නොපැමිණ සිටීමට දරුවන්ට සිදු වන අතර දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා තවදුරටත් තහවුරු වන පරිදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි වහා ම උසස් පෙළ විෂය ධාරාවල පන්ති ඔවුන් වෙනුවෙන් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මෙවර පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.

එය පසුගිය කොවිඩ් සමයේ අතපසු වී පැවති විභාග කාල සටහන හා පාසල් වාර සටහන් යථාවත් කිරීමට ද සෘජුවම අදාළ පියවරක් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් කියා සිටියේය.


susil

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්