තිස් පස් වසරකට ඉහත දී විදේශීය හමුදා ප්‍රහාරයකින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී

අනුස්මරණය කර තිබේ.                                  

ප්‍රහාරයට චෝදනා ලබන්නේ උතුරේ වාඩිලාගත් ඉන්දීය සාමසාධක හමුදාවයි.

1989 ජුනි 5 වැනිදා ඝාතනයට ලක්වුවන් නම දෙනකු  සිහිපත් කරමින්  ඔවුන්ගේ පවුල් වල ඥාතීන් විසින් 2024 ජුනි 6 වැනිදා යාපනය පුත්තූර්, වාදරවත්තෙයි ප්‍රදේශයේදී  මෙම අනුස්මරණය සිදු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

මිය ගිය පිරිස සිහි කරමින් ඔවුන්ගේ ඡායාරුප වලට මලින් පහනින් උපහාර පිදීමට ඥාතීන් කටයුතු කර තිබෙන අතර මෙම අනුස්මරණය සදහා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් ද එක්ව තිබේ.

වාදරවත්තෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි තම්බිරාසා ලට්සනකුමාර්, තලයසිංහම් දයානන්දරාසා, සුන්දරරාසා වයිකුන්දරාසා, වල්ලිපුරම් තුරෙයිරාජසිංහම්, වල්ලිපුරම් බාලසිංහම්, තම්බිමුත්තු යෝගේන්ද්‍රම්  සහ පුත්තූර් ප්‍රදේශයේ පදිංචිව සිටි තවසී නල්ලතම්බි, සින්නවන් සිවපාදම්, සඩයන් කන්දයියා යන 9 දෙනා ඉන්දීය සාමසාධක හමුදාව විසින් පුත්තූර් නැගෙනහිර ගණ දෙවි කෝවිල සමීපයට රැගෙන ගොස් ඝාතනය කර පුළුස්සා තිබු බව ගම්වාසීහු පවසති.


ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් සාම සාධනය සඳහා යැයි පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් 1987 ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකිරීම සම්බන්ධයෙන්ද චෝදනාවට ලක්ව සිටී.



එම සමූහ ඝාතන මාලාවකට ඉන්දීය හමුදා මුල පුරා තිබුනේ  විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුවයි.

වර්තමාන ජනාධිපතිවරයා එම ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ අතර ඒ සමයේ අගමැතිව සිට ඊළඟ ජනාධිපති වූයේ වර්තමාන විපක්ෂ නායකයාගේ පියාණන් ය.

ඉන්දීය සමූහ ඝාතන සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ හානියට පත් වුවන්ට වන්දි ගෙවීමක් හෝ ගෙවී ගිය තිස් පස් වසර තුලදී පෝක් සමුද්‍ර සන්ධිය දෙපස කිසිදු ආණ්ඩුවකින් සිදුවී නැත.

ඉන්දු-ලංකා ගිවිසුමට අනුකුලව බලය බෙදා හැරීමට විරුද්ධව දියත් කළ සන්නද්ධ අරගලයකින් පරාජය වී පසුකලෙක එක් ශ්‍රී ලාංකික ආණ්ඩුවක අමාත්‍ය පදවි ද උසුලා, අනාගත ආණ්ඩුවක්ම පිහිටුවීමේ මැතිවරණ මාවතට පිවිස සිටින ජනතා විමුක්ති පෙරමුණ ද, “වඳුරු හමුදා” නමින් සමච්චලයට ලක් කරනු ලැබූ ඉන්දීය හමුදා විසින් උතුරේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සලසා දෙන්නට කිසිත් කර නැත.



north1

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්