ආර්ථික අර්බුදයත් එක්ක විශේෂයෙන්ම ලංකාවේ දහස් සංඛ්‍යාත තරුණ, තරුණියන් කොහොම හරි රටින් පැනගන්න උත්සහ කරමින් ඉන්නවා. 


පාස්පෝට් කන්තෝරුව ගාව හැමදාම දීර්ඝ පෝලිම්. 

මේ අය බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ රට රැකියාවක් හොයාගන්න. සමහරු අධ්‍යාපනය හදාරන්නත් විදේශගත වෙනවා. ඒ වැඩි දෙනාගේ තේරීම ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, එක්සත් ජනපදය නැත්නම් වෙනත් යුරෝපා රටවල්. 

ඒත් ඒ හැම රටකම උසස් අධ්‍යාපනය ලබන්න IELTS ඉහලින් සමත්වෙලා තියෙන්නේ ඕනේ. අනික රුපියල් කෝටි ගණනක්. නිශ්චල, චංචල දේපොළ එක්ක වත්කම පෙන්නන්නත් ඕනේ. 

කොහොම වුණත් රුසියාවේ විශ්වවිද්‍යාලයකට අතුළුවෙන්න ඉහළ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නැහැ. හේතුව බොහොමයක් පාඨමාලා පැවැත්වෙන්නේ රුසියානු භාෂාවෙන් නිසා. 

වැදගත්ම දේ තමයි ඒ බොහෝ විශ්වවිද්‍යාලවල පාඨමාලා ගාස්තුව බටහිර රටවලට වඩා දහ ගුණයකින් විතර අඩුවීම. 

ඔබ දන්නවද සමහර වෙලාවට රුසියාවේ පාඨමාලා ගාස්තුව ලංකාවේ පෞද්ගලික ආයතනවලට ගාස්තුවටත් වඩා අඩුයි. 

දැන් රුසියාවේ විශ්වවිද්‍යාල මේ අවුරුද්දට අයදුම්පත් භාරගැනීම ආරම්භ කරලා. මේ ඒ ගැන කෙටි හැඳින්වීමක්.

තවත් විස්තර ඊළඟ වීඩියෝවකින් ගෙන එන්නම්.  

(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්