තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්

නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම සඳහා සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අභියාචනාධිකරණය අද (07) තීරණය කළේය.

අභියාචනාධිකරණ මෙසේ නියෝග කළේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා, අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම මීට පෙර අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහිර් හමුවේ කැඳවනු ලද බවයි.

 එහිදී එම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙස කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ඒ බව තීරණය කිරීම සඳහා සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන ලද බව නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා කීය.

 පෙත්සම්කරුට එරෙහි මහාධිකරණ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා බැවින් මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ ය.

 ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කිරීමට තීරණය කළේය.

 ඒ අනුව පෙත්සම් ලබන 25 වැනිදා නැවත කැඳවන ලෙස ද නියෝග කෙරිණි.

(lankadeepa.lk)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්