මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් කාරක සභාව තුළින් VFS වීසා ගනුදෙනුවේදී සිදුව ඇත්තේ කුමක්දැයි

හෙළිදරව් කරගැනීමට කටයුතු කරන විට රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරු ඔහුට තර්ජනය කරන බවත් මෙම ගනුදෙනුව මගින් මහ බැංකු ගනුදෙනුවටත් වඩා විනාශයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ මෙම වීසා ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරීමට මුදල් කාරක සභාව උත්සාහ කළත් කාරක සභාවේ පිරිසක් එය කඩාකප්පල් කළ බවයි. මෙම තත්ත්වය හමුවේ තමාගේ ආරක්ෂාව තර කරන මෙන් ඔහු කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

“මේ වීසා ගැටලුව පිළිබඳව වාර්තාවක් එන සතියේ කාරක සභාව එළි දක්වනවා. කාටද ඕනකම තියෙන්නේ මට ගහන්න? පාරේ යනකොට මාව මරල දැම්මොත්? ගරු කතානායකතුමා මම ඔබතුමාට දැඩිවම කියනවා. මගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට වගකීමක් තියනවා. මේක ඩොලර් බිලියන ගාණක වැඩක්. මාව පාරේ මරල දැම්මොත් ගරු කතානායකතුමනි, මේකෙ පිටිපස්සේ ඉන්න අයට වගකියන්න සිද්ධ වෙනවා. මොකක්ද මට කියන්නේ? වංචා දූෂණ වහන්නද කියන්නේ? මෙහෙම තර්ජනය කරන්න, චෝදනා කරන්න පුළුවන්ද?“

මෙම වීසා ප්‍රශ්නය ගැන සාකච්ඡාව නිසි පරිදි සිදුකිරීමට මුදල් කාරක සභාවේ ඇතැම් සාමාජිකයින් අවස්ථාව ලබා නොදුන් බවත් ඒ පිළිබඳව අතිශයින්  කණගාටුවට පත්වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. එසේම, තමාව මුදල් කාරක සභාවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එයින් තමා පසුබට නොවන බවත් හෙතෙම කීය.  

“මෙහිදී, අතිශයින් බලපෑම් සිදුවුණා. වෘත්තීයමය තත්ත්වය විහිළුවට ලක්වුණා. මම දැඩි අපහසුතාවයට පත්වුණා. සමහර සාමාජිකයින් මහ ලේකම්තුමිය බලෙන් කමිටුවට කැඳෙව්වා. මම කිව්වා එහෙම කරන්න එපා කියලා. එතුමිය පාර්ලිමේන්තුවේ ප්‍රධානියා.“ 

 
හර්ෂට එල්ල වන තර්ජන නතර කරන්න - විපක්ෂ නායක


ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් දෙවතාවක් ඉවත් කළ බවත් , ඔහු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයකු නිසා රට බංකොලොත් වීමෙන් පසුව විපක්ෂය දිගින් දිගටම සිදුකළ ඉල්ලිම්වල ප්‍රතිඵලයක් ලෙස එතුමා එම කාරක සභාවත් පත් කළත් අද වන විට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ඇවිත් ඔහුට තර්ජනය කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් කාරක සභාවේදී VFS ගනුදෙනුව ගැන සොයන විට ඔහුට තර්ජනය කර ඇති බවත් ඊට අමතරව රජයෙ වහලුන් විසින් මෙ ගනුදෙනුව ගැන හොයන්නැ කියා ⁣හර්ෂ ද සිල්වා ට චෝදනා කරනා බවත් මේ ගනුදෙනුව තුළ මහබැංකු ගනුදෙනුවටත් වඩා බරපතල විනාශයක් සිදුව ඇති බැවින් මුදල් කාරකසභාවේ සභාපතිවරයාට ඒ ගැන සෙවීමට ඉඩ ලබා දී රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් එල්ල කරන තර්ජන වහා නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image