විභාගයකට පෙනී සිටිය පසු එහි ප්‍රතිඵල නිකුත් කරන්නේ අදාළ අපේක්ෂකයන් නොව විභාග දෙපාර්තමේන්තුව බැවින් රටේ පාලකයන්ට අප බංකොලොත් ද නැද්ද

කියා තීන්දු කළ නොහැකි බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

එය තීන්දු කරන්නේ රටේ මූල්‍ය හැකියාව මත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සිදු කරන ආයතන ගන්නා තීන්දු තීරණ මත බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

තවමත් සමහර ශ්‍රේණිගත කිරීම් අනුව අප රට එම තත්ත්වයන්ට පැමිණ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළුතර සෙන් ජෝන්ස් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 256 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (24) කියා සිටියේය.

''මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන පවා නොසලකා හරිමින් රට බංකොලොත්භාවයෙන් මිදුනා යැයි රජය බොරු ප්‍රකාශ සිදු කරනවා ''


රටේ පරිහානියට එක් හේතුවක් වන්නේ ජනතාව රැවටිම, මංමුලා කිරිම හා ඇන්දවීම බැවින් බංකොලොත් රටේ ජනතාව තොරතුරු හා දත්ත ගැන අවදානයෙන් සිටිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

බංකොලොත් ද නැද්ද යනුවෙන් තීරණය කරන්නේ නියමිත ප්‍රමිතියකට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන බවත් රටේ ප්‍රධාන මූල්‍ය ආයතනවලින් බංකොලොත් වුණේ නැහැ, බංකොලොත්භාවයෙන් මිදුනා වැනි පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කිරීම රටකට අහිතකර තත්ත්වයක් බව මෙන්ම ජනතාව රැවටීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)




worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්