ද්විපාර්ශවික ණය ආපසු ගෙවන ක්‍රමවේදයක් පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීම හරහා බංකොලොත් බවින් මිදෙන්නේ නැති බව විපක්ෂ මන්ත්‍රීවරයෙකු පවසයි.


ද්විපාර්ශවිය ණය ප්‍රතිව්‍යුහකරණයට ගිවිසුමක් අත්සන් කිරීම පදනම් කරගෙන රට බංකොලොත් බවින් මිදුනා කියලා රබන් ගහලා රතිඤ්ඤා පත්තු කරලා සැණකෙලි පවත්වන්න ආණ්ඩුව සුදානම් වන බවයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසන්නේ.

“අයිඑම්එෆ් ගිවිසුමට අනුව 2022 අවසන් වන විට ආණ්ඩුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42ක්.  මේවා ගෙවා ගන්න බැරි වීමෙන් තමයි අපි බංකොලොත් වුණේ.  මේ ණය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා.  පළමු කොටස බහුපාර්ශවීය ණය.  ඒ කියන්නේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර ආයතන වලින් ලබා ගත් ණය.  එතැන ඩොලර් බිලියන 11.5ක්.  මේවා අපි පැහැර හරින්නේ නැතිව දිගටම ගෙවා ගෙන ආවා.  එතකොට ගෙවීම පැහැර හැරියේ ද්විපාර්ශවීය ණය සහ පෞද්ගලික ණය.  ද්විපාර්ශවීය ණය ඩොලර් බිලියන 11.5ක් ගෙවන්න තිබෙනවා.  ඕක තමයි දැන් ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ එකඟතාවයකට ඇවිත් සමරන්න හදන්නේ.”

ගම්මන්පිල මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ඊයේ (ජූනි 24) පැවති මාධ්‍ය හමුවකදීය.


 

මෙරට ණයවලින් වැඩිම කොටස පෞද්ගලික ණය බව පවසන මන්ත්‍රීවරයා ඒවා ප්‍රතිව්‍යුහකරණය ගැන ණයහිමියන් සමග එකඟතාවයකට පැමිණිමට නොහැකි වී ඇති බවයි පවසන්නේ.



“ඒ නිසා පෞද්ගලික ණය ප්‍රතිව්‍යුහකරණය කරන තුරු අපට බංකොලොත් බවින් මිදෙන්න බෑ. ඇත්තෙන්ම ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟතාවය ඇති වුණේ මීට මාස තුනකට විතර කලින්. නමුත් ගිවිසුම් අත්සන් නොකලේ පෞද්ගලික ණය ප්‍රතිව්‍යුහකරණය නොකර බංකොලොත් බවින් මිදෙන්න බැරි නිසා.”

ඡන්දය හේතුවෙන් ද්විපාර්ශවික ණය ඩොලර් බිලියන 11.5ක් ප්‍රතිව්‍යුහකරණය බංකොලොත් බවින් මිදීම යනුවෙන් බොරුවක් කිරිමට ආණ්ඩුව සැරසුනද පෞද්ගලික ණය ප්‍රතිව්‍යුහකරණය කරලා මේ රට බංකොලොත් බවින් මිදෙන ඇත්ත දිනය රටට කියන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ආණ්ඩුවට අභියෝග කළේය.

(චතුරංග මේදිස්)


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්