සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට එල්ල වී ඇතැයි පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට කරන ලද නියෝගයක් මත එම තීරණය ගෙන තිබේ.

අමාත්‍ය ටිරාන් අලස් ඒ සම්බන්ධයෙන් නිකුත්කර ඇති X පණිවිඩයක මෙසේ සඳහන් වේ.

Screenshot 2024 06 08 at 9.23.09 AM

ඊයේ  (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂ ද සිල්වා පවසා සිටියේ මුදල් කාරක සභාවේ සභාපතිකම භාරගනු ලැබුවේ අභියෝග රැසක් මධ්‍යයේ බවය.

තමාට කාර්යාලයක් නොමැති බවත්, සේවය කිරීමට ඇත්තේ තිදෙනෙකු පමණක් බවත් සඳහන් කර සිටි හර්ෂ ද සිල්වා, ඇතැම් විට ඔවුන්ට තම පෞද්ගලික මුදලින් වැටුප් ගෙවන බව ද සඳහන් කළේය.

එමෙන්ම ගල් අඟුරු ප්‍රශ්නය, සීනි වංචාව හා මහ බැංකුවේ වැටුප් ප්‍රශ්න පිළිබඳව මුදල් කාරක සභාවෙන් දිගින් දිගටම කතා කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, තමා ප්‍රශ්න රැසකට මැදි වූ බව ද පැවසීය.

ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් ද එවැනිම තත්ත්වයක් ඇති වූ බවත් තමා එම සිදුවීම යට ගැසීමට උත්සාහ ගන්නා බවට පුවත් පළ වූ බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

එවැනි දෙයක් සිදුකරනු ලබන්නේ කාගේ උවමනාවකට ද යන්නෙන් ප්‍රශ්න කර සිටි මන්ත්‍රීවරයා, තම ජීවිතයට යම් බලපෑමක් එල්ල වුවහොත් කථානායකවරයාට ද එහි වගකීමක් ඇති බව ද පැවසීය.


හර්ෂට එල්ල වන තර්ජන නතර කරන්න - විපක්ෂ නායක


ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් දෙවතාවක් ඉවත් කළ බවත්, ඔහු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයකු නිසා රට බංකොලොත් වීමෙන් පසුව විපක්ෂය දිගින් දිගටම සිදුකළ ඉල්ලිම්වල ප්‍රතිඵලයක් ලෙස එතුමා එම කාරක සභාවත් පත් කළත් අද වන විට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ඇවිත් ඔහුට තර්ජනය කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් කාරක සභාවේදී VFS ගනුදෙනුව ගැන සොයන විට ඔහුට තර්ජනය කර ඇති බවත් ඊට අමතරව රජයෙ වහලුන් විසින් මෙ ගනුදෙනුව ගැන හොයන්නැ කියා ⁣හර්ෂ ද සිල්වා ට චෝදනා කරනා බවත් මේ ගනුදෙනුව තුළ මහබැංකු ගනුදෙනුවටත් වඩා බරපතල විනාශයක් සිදුව ඇති බැවින් මුදල් කාරකසභාවේ සභාපතිවරයාට ඒ ගැන සෙවීමට ඉඩ ලබා දී රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් එල්ල කරන තර්ජන වහා නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image