ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නැවත වතාවක් පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වේ.

ඔහු ප්‍රථම වරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ 2022 ජුනි 1 වැනිදාය.

යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා 2022 මැයි 31දා  යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යාමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කරනු ලැබිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්