තිස් හය වසරකට ඉහත දී ඉන්දීය හමුදාව විසින් ශ්‍රී ලංකාවේදී වෙඩි තබා මරා දමනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධර කතෝලික පියතුමකු නැගෙනහිර දී

අනුස්මරණය කර තිබේ.

මඩකලපුව, ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී 1988 ජුනි 6 වැනිදා වෙඩි තබා ඝාතනය කරනු ලැබූ චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමාගේ දේහය එම දෙව්මැදුරේ තැන්පත් කරන ලද දෙන ඉදිරිපිට පියතුමාගේ ඡායාරූපයක් තබා මලින් පහනින් දැක්වු උපහාරය සංවිධානය කර තිබුනේ මඩකලපුව සර්ව ආගමික සංගමය විසිනි.

2024 ජුනි 6 වැනිදා පැවැති අනුස්මරණය සදහා සර්ව ආගමික නියෝජිකයන්ට අමතරව චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමාගේ ඥාතීන් හා ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ප්‍රබල ඇමැතිධුරයක් හෙබවූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ ඇරයුමෙන් 1987 අගෝස්තුවේදී සාමය ඇති කිරීමට යැයි පවසමින් මෙරටට පැමිණි ඉන්දීය සාම සාධක හමුදාවේ දරුණු ක්‍රියා කලාපය දෙමළ ජනයා තවත් වටයකින් පිඩාවට පත් කිරීමට හේතු වී තිබුනි.

එතෙක් උතුරු නැගෙනහිර වාඩිලා සිටී රජයේ හමුදා සේනාංක දකුණට කැඳවා තිබුනේ සිංහල තරුණයන්ගේ නැගිටීම මර්දනය කිරීමටයි.

ඉන්දීය සාම සාධක හමුදා පාලනය යටතේද උතුරු හා නැගෙනහිර පළාත් වල පහර දීම්, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරය හා අපරාධ,  මිනිස් ඝාතන හා දේපොළ හානි ඉහළ යාමත් සමග චන්ද්‍ර ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරවැසි කමිටුව, මානව හිමිකම් සංවිධාන හා ආගමික නායකයන් එකතුව මඩකලපුවේදී  දැවැන්ත පෙළපාලියක් සංවිධානය කළේ ඊට එරෙහිවයි.

මෙම සාමකාමී පෙළපාලියට ඉන්දීය සාම සාධක හමුදාව ප්‍රතිචාර දැක්වුයේ කඳුළු ගෑස් සහ වෙඩි උණ්ඩ වලිනි.

එතැන් පටන් චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා ඉන්දීය හමුදාවේත් ඔවුන්ගේ අන්තේවාසික තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOTE) සහ ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (EPRLF) වැනි සංවිධාන වලත් වෛරයට හා ක්‍රෝධයට ලක්වන්නට විය.

“මම ක්‍රිස්තියානි පුජකයෙක්. දෙවියන් අදහන්නෙක්. මගේ දහම මිනිස්සුන්ගේ ජිවිතයට ආදරය කිරීමයි. කොයි පැත්තෙන් කළත් මම ඝාතනය හෙළා දකිනවා. ඔබ ආවේ සාමය ගෙන්න නම් ඒක මේ විදිහට කරන්න බැහැ. තත්වය තවත් අවුල් වෙනවා විතරයි. ආයුධ සන්නද්ධව කොයි විදිහකින්වත් සාමය ගේන්න බැහැ. ඔබ කියනවා මට LTTE ඉන්න තැන් කියන්න කියල. ඔබ විසින්ම උදව් කරලා කාලයක් පුරා හදපු ඔවුන්ව සාමය සඳහා ඔබට ගෙන්වා ගන්න බැරි නම්, සාමාන්‍ය ජනයා එක්ක ඉන්න මට ද පුළුවන් ඒක කරන්න,” යැයි ඉන්දීය සාම සාධක හමුදා ප්‍රධානීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රනාන්දු පියතුමා පවසා තිබිණි.

කෙතරම් ජිවිත තර්ජන පැමිණිය ද මඩකලපුවේ ජනතාව සමග රැඳී සිටි පියතුමා 1988 ජුනි 6 වැනිදා සවස පහට පමණ නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් මිය ගියේ දේවස්ථානයේ ලැගුම් ගෙයි සිටියදීයි.


මඩකලපුවේ නගරයේ පාලනය ඉන්දීය සාම සාධක හමුදාව යටතේ තිබිය දී ඔවුන්ගේ අනු දැනුමෙන් තොරව මෙම ඝාතනය සිදු නොවන බවට ප්‍රදේශයේ ජනයා අතර දැඩි  විස්වාසයක් පැවැතුනි.

ඉන්දීය හමුදාවේ සහායක සන්නද්ධ කල්ලි වූ  EPRLF සහ PLOT කෙරෙහි ද ජනයාගේ සැකය එල්ල වූ  නමුත්  පසුව මෙය තම කනිෂ්ඨ නිලධාරියකුගේ මැදිහත් වීමෙන් වූ  ක්‍රියාවක් යැයි IPKF ඉහල හමුදා නායකයකු පැවසු බවට ජන මාධ්‍ය වාර්තා කර තිබුනි.

1987 ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකිරීම සම්බන්ධයෙන්ද ජේ. ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් සාම සාධනය සඳහා යැයි පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන්ට එරෙහි විශ්වසනීය සාක්ෂි දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ජනමාධ්‍යවේදීන් විසින් පලකොට තිබේ.

ඒ පිළිබඳව යුක්තිය ඉටු කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති දෙරටේම පාලකයෝ වසරක් පාසා දෙමළ සටන්කාමීන් හා යුද වැදී මියගිය ඉන්දීය හමුදා භටයන් සැමරීම ඉහලින්ම සිදු කරති.


tribute1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image