අවම ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට රජයත්, ජනතාවත් උනන්දු කිරීම වෙනුවෙන් ''රැඩිකල් මැද සාමූහිකය''
( Radical Centre) විසින් දියත් කළ ගොඩයමු ව්‍යාපෘතිය සම්මාන දිනා ඇත.

ඇඩ්වර්ටයිසින් ආයතන සමූහය නියෝජනය කරන 4As මගින් පළමු වරට පවත්වන ලද ඇඩ්වර්ටයිසින් සම්මාන උළෙලේදී සියලු අංශයන් ආවරණය කරමින් දියත් කළ (integrated) කාණඩයෙන් ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට ගොඩයමු ව්‍යාපෘතියට හැකිවිය.

පුවත්පත්, රූපවාහිනී, ඩිජිටල්, විරිදු, ස්ටෑන්ඩප් කොමඩි, නගර රැස්වීම් ආදී මාධ්‍ය ගණනාවක් යොදාගනිමින් ක්‍රියාත්මක වූ  ගොඩයමු ව්‍යාපෘතිය අවසන් වූයේ මීයා ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශය කරමිනි.

විශාල වශයෙන් විවේචන, විචාර, බැනුම්, මෙන්ම ප්‍රශංසාද රැස් කරගත් ගොඩයමු ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ එමගින් ඉතාම සූක්ෂම ආකාරයෙන් ජනතා මනස ස්පර්ශ කිරීමයි.

Thinking Dots ආයතනය මෙහි ප්‍රචාරක අංශය භාරව සිටි අතර Leader වෙබ් අඩවියද ව්‍යාපෘතියේ කොටස්කරුවෙක් වූයේ ජාතික අවශ්‍යතාවය තේරුම් ගනිමිනි. මහාචාර්‍ය රොහාන් සමරජීව මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්