සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මගින් මේ වනවිට නවතා ඇති ප්‍රතිලාභ හිමියන් වෙත නිවාස ණය ලබාදීමේ වැඩසටහන

නැවත ආරම්භ කිරීමට මේ වනවිට සාකච්ඡා සිදු කරමින් ඇති බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) නිහාල් ප්‍රසන්න පැවසීය.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මගින් මෙම නිවාස ණය ක්‍රමය හරහා එක් ප්‍රතිලාභියකු වෙත රුපියල් ලක්ෂ විසි පහක් දක්වා ණය මුදලක් ලබාදෙයි.

මෙය පසුගිය කාලසීමාවේදී තාවකාලිකව නවතා දැමීමට සිදුවුවත් මේවනවිට එය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ බැංකු සමග සාකච්ඡා සිදු කරමින් ඇති බවත්, තවමත් එම සාකච්ඡා තුළින් යම් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බැවින් එකඟතාවට පැමිණීමෙන් පසු නැවත එම ප්‍රතිලාභය ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

aruna.lk - නිර්මාණි තිලකසිරි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්