ඉදිරියේ දී පවත්වන මැතිවරණ වලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වාමාංශික දේශපාලන පක්ෂ හා අරගලයේ සිටි ප්‍රගතිශීලී කණ්ඩායම්වල

එකතුවෙන් පිහිටුවා ගන්නා සන්ධානයකින් ඉදිරිපත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය. 

ඉදිරියේ දී පිහිටුවන එම සන්ධානය සඳහා මේ වන විටත් වාමාංශික පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කොට ඇති බවත් එම සන්ධානයේ ප්‍රධාන අභිලාෂයන් වන්නේ අරගලයේ අරමුණු නියෝජනය කිරීම, රනිල් වික්‍රමසිංහ ගෙන යන අයිඑඑෆ් වැඩපිළිවෙළට එරෙහි වීම, ඉන්දියානු මැදිහත් වීමට එරෙහි වීම සහ සමාජවාදී වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම බවත් දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසීය.

(anidda.lk - ඇන්තනී වෙරංග පුෂ්පික )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image