ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හමුවේ ජනපතිවරණයෙන් තමන්ට

ජයග්‍රහණය කළ නොහැකි බව හැඟී ගියහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය කල් දමන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි. 

එවැනි වාතාවරණයක දී රටේ දරුණු කැළඹීමක් ඇතිවිය හැකි ලබන නොවැම්බර් මාසය සදහා රුසියානු සංචාරකයින් වෙනුවෙන් විශේෂ යානා (charter flights) සංවිධානය කරන්නේද, නැද්ද යන්න තවම තීරණය කොට නැති බවත් Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව සමග සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේය. 

එමෙන්ම ජනපතිවරණයට පෙරාතුව ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවනු ඇතැයි පවසන හිටපු රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන්ගේ ඥාති සොහොයුරෙකු වන උදයාංග වීරතුංග, ජනපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් බටහිර රටවලින් ජනාධිපති වික්‍රමසිංහට කිසිදු විරෝධයක් එල්ල නොවනු ඇති බවත් සඳහන් කළේය.  

එහිදී "විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්" හේතුවෙන් ජනපතිවරණය කල් දැමීම ගැන ශ්‍රී ලංකාවේ නීතිය පසිඳලන ආයතන වැනි "යම් යම් ආයතන සහ පුද්ගලයින්" ගෙන් විරෝධයක් එල්ල නොවනු ඇති බව ඔහුගේ අදහසයි.  

ජනපතිවරණයේදී පොහොට්ටුවෙන් නාම යෝජනා දෙකක් ඉදිරපත් වී තිබෙන අතර, ජනතාවට රාජපක්ෂවරුන් එපා නම් නාමල් රාජපක්ෂ වෙනුවට සුදුසුම අපේක්ෂකයා ධම්මික පෙරේරා බව සිය මතය බවද පැවසීය. 

රුසියාවේ යුද්ධයට කොටු වී සිටින විශ්‍රාමික ශ්‍රී ලාංකික සොල්දාදුවන් යළි සිය රට කැඳවා ගැනීම පිළිබඳව උදයංග වීරතුංග සමග"සංදේශය" කළ සාකච්ඡාව ඉදිරි දිනකදී ගෙන එන්නම්.

ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image