රතු පාට විප්ලවවාදීන් රතු අලි මල්ලිලා බවට පත්වී ජනාධිපතිවරයා සමග ඩීල් දමමින් රජයේ නාලිකාවල විවාදවලට එන්න කියනා බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.


ආර්ථික කමිටු විවාදයට සමගි ජන බලවේගය ආරාධනා කළ විට ආර්ථික කමිටුවක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ඉන් පළ ගොස් නායකත්ව විවාදයක් ගැන කයිවාරු ගහමින් යන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

ආර්ථික කණ්ඩයමේ විවාදය හා නායකයන්ගේ විවාද දෙකටම එකවර දින දෙකක් යොදා ගත යුතු බව විපක්ෂ නායකවරයා හලාවත පැවැති දියඹ දිනන ජන රැල්ල - සමඟි ධිවර බලවේගයේ සමුළුව අමතමින් කියා සිටියේය.

රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩගත හැක්කේ කාටද කියා දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් රට බංකොලොත් වී රටට ඩොලර් නැති වී ඇති මේ මොහොතේ කයිවාරු ගහන රතු අලි පැටවුන්ට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් පවා නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම නිසා ඔවුන් එම විවාදයට එන්නේ නැති වුවත් විවාද දෙකටම තමා සූදානම් බවත් ආර්ථික විවාදයෙන් පසු නායකත්ව විවාදයක සිදුකළ යුතු බව සජබ නායකයා නැවත වරක් ප්‍රකාශ කර ඇත.

විවාද ගැන කියද්දි රතු අලි පැටවුන්ගේ නායකයා තමන්ගේ නායකයා වන ජනාධිපතිවරයා ළගට ගොස් ඇවිටිලි කර පසුගිය දා රාජ්‍ය නාලිකාවක නාඩගම් නැටු බව කී විපක්ෂ නායක ඔවුන්ට ආර්ථික කණ්ඩායමක් නොමැති වීම ඔවුන්ගේ වරදක් බව පැවසීය.

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට සුවිශාල වැඩ කොටසක් ඉටු කර ඇති බවත් එම නිසා තරගයට වැඩ කරන්න ඕනෑම අවස්ථාවක තමා සූදානම් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 jh 12

jh 13 jh 14

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image