එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා

වශයෙන් තමා ඇපකැප වී ක්‍රියා කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.

නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 95ක් පමණ හිමි කර ගන්නේ යැයි ද එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම්වරයා විශ්වාසය පළ කරයි.

ඔහු එබව කියා සිටියේ, කොළඹ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මෙසේ ද කියා සිටියේය. 

 

''ජනපතිවරණයේ දී රනිල් ඡන්ද ලක්ෂ 95ක් ගන්නවා''

'' විවාදවලින් පැන යන්නේ බියගුළු දුර්වලයින් ''

''ආර්ථික පරිවර්තන කෙටුම්පතින් රටේ ආර්ථික සංවර්ධනය ඇති වනවා''

''ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපේ රට ඉදිරි දැක්මක් එක්ක ඉදිරියට ගමන් කරනවා. රටේ සහ ජනතාවගේ අනාගතය ඉතාම පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදාම රට සහ ජනතාව ගැන සිතා කටයුතු කළ දේශපාලන පක්ෂයක් බව ජනතාව දන්නවා.

ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට මම මගේ ශෝකය ප්‍රකාශ කරන අතර එම ජනතාවට අවශ්‍ය සහන, වන්දි සහ ඒ අයගේ අවශ්‍යතා වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය ගත හැකි සියලු පියවර ගෙන තිබෙන බව මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මාව පක්ෂයේ ජාතික ලේකම් ලෙස පත් කළා. එක්සත් ජාතික පක්ෂයට නැවත පුනර්ජීවය ලබා දී එක්සත් ජාතික පක්ෂය නගා සිටි විය යුත්තේ රට-ජනතාව වෙනුවෙනුයි.

මේ රටේ ආර්ථිකය නැවත කඩා නොවැටෙන ආකාරයට සකස් කළ යුතු අතර එම හැකියාව සහ දක්ෂතාවය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරයි. ඊට තවත් උදාහරණයක් වන්නේ විදුලි බල පනත සම්මත වීමත් එක්ක විදුලිය ගාස්තු විශාල ලෙස අඩු වීමයි. ඒ වගේම මීට කාලකට පෙර මේ රටේ තිබූ පෝලිම් යුගය සහ එමගින් ඇති වූ මහත් පීඩාකාරී සහ අවලස්සන තත්ත්වය ගැන සිහිපත් කළ යුතුයි.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මැතිවරණයෙන් ජය ගෙන තෙවැනි වතාවටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනවා. ඉන්දියාව දියුණු වන විට අපේ රටටත් ඒ වාසිය ලැබෙනවා. ඉන්දියාව සීඝ්‍රයෙන් ඉදිරියට යනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග එකට එක්ව වැඩ කරන්නේ ඒ බව දැන ගෙනයි. 


කටු පොල් වගාව ගැන...

තොරතුරු තාක්ෂණය, නව නිපැයුම් සහ සේවා ආර්ථිකය වගේම මේ රට නවීන කෘෂිකර්මය ඔස්සේ ද ඉදිරියට ගෙන යා යුතුයි. කටු පොල් වගාව ගැන වැරදි මතයක් තිබුණා. කෙසේ නමුත් ඒ වැරදි මත නිවැරදි වී කටු පොල් වගාව නැවත ස්ථාපිත වේවි.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර තබා තිබෙනවා. ඒ පනත රටට-ජනතාවට සුභවාදී පනතක් බව කිව යුතුයි..මේ  හරහා ණය ප්‍රමාණය සහ ජීවන වියදම සීමා වේවි.

විපක්ෂය කරන්නේ ජනපතිවරයා විවේචනය කරමින් බිල්ලෝ මැවීමයි. කෙසේ නමුත් ඔවුන් රට ගොඩනගන කරුණු කාරණා සම්බන්ධයෙන් විවාදවලට සූදානම් නැහැ. විවාදවලින් පැන යනවා. අප ප්‍රශ්න කරන්නේ විවාදයට එන්න බිය ඇයි කියලයි. විවාදවලට බියේ හැංගිලා සිටින්නේ ඇයි..? විවදයෙන් පැනලා ගියේ අදක්ෂ නිසයි. මම නම් කියන්නේ මේ විවාදයට රනිල් වික්‍රමසිංහත් කැඳ විය යුතුයි.

එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙය වීමට මම ඇපකැප වී ක්‍රියා කරනවා නවා. ඒ වගේම රට-ජනතාව වෙනුවෙන් කරන මේ අරගලය සමග එකට ඒකරාශී වන ලෙස මම එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයට ද අනෙකුත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන්ට ද ආරාධනා කරනවා.


එක්සත් ජාතික පක්ෂය ගොඩනගන ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා. සියලු දේශපාලන පක්ෂ සහ නායකයින් එකට ඒකරාශී කිරීමට අප කටයුතු කරනවා. ඒ රට ගොඩනගන දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වේවි. 


පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියන්නේ බොරුවක් බව කිව යුතුයි. රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න අපට හැකියාව තිබෙනවා. අප සියලු දෙනා එකට ඒකරාශී වී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නිහඬව තිබූ ඡන්ද සියල්ල සක්‍රීය වෙලා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 95ක් පමණ ගන්න හැකියාව පවතිනවා.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image