නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවන, ජනාධිපතිවරයා කියා ඇති කරුණු

සම්පුර්ණයෙන්ම බොරු බව කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හිමිපාණන් ජනාධිපතිවරයා හමුවී ඇති බවත්, ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සාගල රත්නායක සහ නීතිපති සංජේ රාජරත්නම් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද බවත් කියැවෙන පදනම් විරහිත සිදුවීමක් පිළිබඳව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන බව, එම නිවේදනයෙන් කියයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සමග සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ඉහත සඳහන් කමිටුවේ සාමාජිකයෙකු ලෙස නීතිපති සංජේ රාජරත්නම් මූලික කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව කියවෙන විස්මය ජනක සඳහනක් එම වාර්තාවල ඇතුළත් වන බව සඳහන් කරන එම නිවේදනය, තවදුරටත් සඳහන් කරන්නේ සංජේ රාජරත්නම් මහතා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සමග දිගින් දිගට සාකච්ඡා පවත්වමින් සිටින බවට වන සඳහනද සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවයි.


''එම වාර්තාවල සඳහන් කර ඇති නොමග යවන සුලු ස්ථාවරය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සාමාජිකයෝ සහමුලින්ම තරයේ ප්‍රතික්ෂේප කර සිටිති. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපතිතුමන් හා නීතිපතිවරයා අතර එවැනි කිසිදු සංවාදයක් කිසිම අවස්ථාවක සිදුවී නැති බවත් පැහැදිලිවම ප්‍රකාශ කරමු ''එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.


තව නොබෝ දිනකින් විශ්‍රාම යෑමට නියමිත නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට පාස්කු ඉරුදින ප්‍රහාරය අසාධාරණ ලෙස පාවිච්චි කරමින් සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ද ප්‍රයෝජනයට ගනිමින් සිටීම අප මවිතයට පත්කරයි. එම ධුරයට පත්වී ගෙවී ගිය මාස 36 පුරාම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සඳහන් කර ඇති නිර්දේශ මාලාවත් ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා මේ දක්වා අසමත් වී ඇති බව සැලසිල්ලෙන් යුතුව ප්‍රකාශ කරමු' යනුවෙන් එහි සඳහන්ය.

''පාස්කු වාර්තාවේ නිර්දේශවත් නීතිපති ක්‍රියාත්මක කළේ නෑ ඒ ගැන යැවූ ලිපිත් නොසලකා හැරීයා''

පාස්කු ඉරිදා මිලේච්ඡ ප්‍රහාරයේ වින්දිතයින් හට යුක්තිය ඉටුකර දීමට මැදිහත් වන ලෙස කතෝලික සභාව දිගින් දිගටම අවස්ථා ගණනාවකදී නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණද ඔහු දිගින් දිගටම ඒවා නොසලකා හැරි බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටින බවත් නිවේදනයේ සඳහන් වෙයි.

 

එමෙන්ම එහි සඳහන් වන්නේ, නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ කිසිදු සම්බන්ධයක් නැති බව තරයේ ප්‍රකාශ කරන බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පාවිච්චි කරමින් නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා වන ජනාධිපතිවරයාගේ අභිප්‍රාය සම්පූර්ණයෙන් හෙළා දකින බවත්ය.


නීතිපති වරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම පිළිබඳව යම් අයෙකුට ගැටලුවක් ඇත්නම් ඔවුන් එම ප්‍රශ්න ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව වෙත ඉදිරිපත් කළ යුතු බවට ජනාධිපතිවරයා කළේ යැයි එම වාර්තාවල දැක්වෙන ප්‍රකාශය පිළිබඳව සැලකිල්ල යොමු වූ බවත්, නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව වගකිව යුතුය යන එම අප්‍රසන්න ඉඟිය නොමග යවනසුලු හා ද්වේශ සහගත බවය.

කෙසේ වෙතත්, ජුනි 2 වැනිදා අනිද්දා පුවත්පත වාර්තා කළ පරිදි, ජුනි 27 වැනිදා විශ්‍රාම යන නීතිපතිවරයා එම ධුරයට නැවත පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබ ඇති ලිපියෙහි, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන කිසිදු කරුණක් ඇතුළත් කර නැත.


නීතිපතිවරයා නැවත පත්කිරීම සඳහා හේතු වශයෙන් එම ලිපියේ සඳහන් කර ඇත්තේ නීතිපතිවරයා ආර්ථික අභියෝග හමුවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන කටයුතු වලට උපදෙස් ලබාදෙන බැවින්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරමින් සිටින බැවින් හා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමට ඔහු කටයුතු කරමින් සිටින බැවින් තවත් මාස 6 කට ඔහු නීතිපති ධුරයට පත්කිරීමට අවශ්‍ය බවයි.


anidda.lk - ලසන්ත රුහුණගේ)


සබැඳි පුවත් :

නීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image