මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී. එල්. පීරිස් අවදාරණය කර සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් එසේ පැවසුයේ, අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවේදීය.

නීතියේ සාධාරණත්වය ඉටු කිරීමට නීතිපතිවරයාට සුවිශේෂී වගකීම් සමුදායක් හිමිවන බවත් 1948 පසු නීතිපතිවරයෙකුගේ සේවා දිගුවක් දුන් පළමු අවස්ථාව මෙය බවත් මහාචාර්යවරයා කීය.

නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා දීර්ඝ කළහොත් නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව කී ජී. එල්. පීරිස් පැවසුවේ, ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය තව දින 34 කින් ආරම්භ වන නිසා මැතිවරණ කාලසීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවයි.


පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඉදිරියට ගෙනයාම සඳහා, X press Pearl නෞකාව සිද්ධිය සම්බන්ධව හා IMF පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා මෙම නීතිපතිවරයාගේ අවශ්‍යතාවය ඇතැයි රජයේ තර්ක වන බවත්, එම තර්ක පදනම් විරහිත බවත් ඔහු අවධාරණය කළේය.


වර්තමාන නීතිපතිවරයාගේ සේවා දිගුවක් ලබාදීම හේතුවෙන් ඊළඟට පත් වීමට අපේක්ෂා කරන නිලධාරීන්ට අසාධාරණයක් සිදුවී, නීතිපති දෙපාර්තමේන්තුවේ  කාර්යක්ෂමතාවය කඩා වැටීය හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

නිසි කාලයට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ලක්ෂණයක් වන බවත්, මැතිවරණ පවත්වා සමාජ සම්මුතියට ඉඩ සලසා දී ජනතා මතය උරගා බැලිය යුතු බවත් පැවසු මහාචාර්යවරයා,  ජනාධිපතිවරණය නොපැවැත්වෙයැ'යි මෙතෙක් උපකල්පනයක් කළ නොමැති බවත්, එසේ සිදු වුවහොත් එයට විරුද්ධව විපක්ෂය සටන් කරන බවත් කියා සිටියේය.

 

 

 




සබැඳි පුවත් :

නීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති කියා ඇත්තේ බොරු!  -කතෝලික රදගුරු සම්මේලනය

නීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්