මැතිවරණ කල්දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්‍ෂ විනාශ වන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා එක කථාවක් ද,

එහි ලේකම්වරයා තවත් කථාවක් ද, කියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ  අද (12) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ කොළඹදී විශේෂ රැස්වවීමකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට විරෝධය දක්වන බව කී නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා, ඉතිහාසයේ සිටම මැතිවරණ කල්දැමූ පක්‍ෂ සහ ආණ්ඩු විනාශ වූ බව ද සඳහන් කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මැතිවරණය වසර දෙකක් කල්දැමීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තුවේ ආසන අටට වැටුණ අතර මැතිවරණ කල්දැමූ රනිල් වික්‍රමසිංහ ගේ පක්‍ෂ එක ආසනයකට වැටුණු බවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් ඔහු කීය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්‍ෂකයෙක් සිටිය ද මේ මොහොතේ අපේක්‍ෂකයා හෙළි නොකරන බවත් වේලාව පැමිණි පසු අපේක්‍ෂකයා ප්‍රකාශ කරන බවත් නාමල් රාජපක්‍ෂ සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වීම නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ නිරන්තයෙන් සාකච්ඡා කරන බවත් එම සාකච්ඡාවල විශේෂ අමුත්තක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ වැඩි දුරටත් පැවසීය.

(lankadeepa.lk- යොහාන් භාසුර)

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්