ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ.


ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය අරමුදලේ තෙවැනි වාරිකය මෙරටට හිමිවෙයි .

එබැවින් ඩොලර් මිලියන 336ක් පමණ ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දී තිබේ.

මෙම මුදලත් සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම් ලබාදී තිබේ.

මෙම අනුමැතිය අනුව ශ්‍රී ලංකාවට සිය ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු කඩිනම් කළ හැකි බව මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග පවසයි.

නිවේදනයක් නිකුත්කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ තවදුරටත් මෙරට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ සහ සුදුසු වෙනස් කිරීම් කිරීමට එමඟින් අවස්ථාව ලැබෙන බවය.

 මේ සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක X පණිවිඩයක් නිකුත්කරමින් මෙසේ සඳහන් කර ඇත.

Screenshot 2024 06 13 at 9.10.15 AM

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්