ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ අවුරුදු පහක කාල සීමාවකට පමණක් බව ජාතික ජන බලවේගය අවධාරණය කර තිබේ.


වසර 6ක කාලයක් සඳහා පත්වු ජනාධිපතිවරයාටත් එම ධූරයේ කටයුතු කළ හැක්කේ අවුරුදු පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ.

“ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපණයක් දුන්නා අවුරුදු පහට වඩා එක දිනක් හෝ ධුරයේ ඉන්න බැහැයි කියා. අවුරුදු හයට පත්වූ කෙනාටත් ඊට වඩා ඉන්න බැහැ කියා තීන්දුවක් දී තිබෙනවා. එසේ තිබියෙදී රනිල් වික්‍රමසිංහට කොහොත්ම ඉන්න බැහැ. 30:2 වගන්තිය අනුව ඉන්න පුළුවන් කාලය අවුරුදු පහයි. ඒ කාලය සීමා වෙන්නේ මේ වසරේ නොවැම්බර් 17 දිනට. ඉන් ඉදිරියට එක් දිනක් හෝ ඉන්න බැහැ.”

ජනාධිපති ධූර කාලය සම්බන්ධව ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරිමට හසුනොවන්නැයි ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය අනුව අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ජනතා ද්‍රෝහී පාලනය පැරදවිය හැකි එකම සංධිස්ථානය එය බව ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් තවදුරටත් අවධාරණය කළේය.

ඔහු එබව කියා සිටියේ, ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදීය.

(චතුරංග මේදිස්)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්