ජනතා වරමින් බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික අයිතිය

ආදී අයිතීන් මානව අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන යුගය බිහි කරනා බව විපක්ෂ නායකවරයා පවසා තිබේ.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වෙනමම පරිච්ඡේදයක් අන්තර්ගත වුවද මූලික අයිතිවාසිකම්වලට අයත් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් බවත් ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික හා සෞඛ්‍ය පැතිකඩ අයත් නොවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

යාපනය වඩ්ඩුක්කොඩ්ඩායි වුලිපුරම් වික්ටෝරියා විද්‍යාලයට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 88 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා නවීන බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජබ නායකයා මේ බව කියා සිටියේය.

පාසල් සඳහා බස් බෙදන විට තමාට බස් මෑන් යැයි කියමින් අපහාස කරන, විවේචනය කරන කුහකයන් කොට්ඨාසයක් මේ බංකොලොත් රටෙත් සිටින බවත් ඔවුන්ට කියන්න ඇත්තේ මෙවැනි බස් රථ ලබා දෙන විට ඒවාට වෛර නොකර තමා සමඟ තරගයට ජනතාවට වැඩ කිරීමට පැමිණෙන ලෙස යැයි ද ඔහු පැවසීය.

76 වසරක ඉතිහාසය පුරා කිසිදු දේශපාලන පක්ෂයක් විපක්ෂයේ සිට නොකළ වැඩ කොටසක් සමගි ජන බලවේගය ඉටු කරනා බවත් එම සේවය දෙස බලා සිටිය නොහැකි කයිවාරු කාරයන් පිරිසක් ඒවා විවේචනය කරමින් යන බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

(චතුරංග මේදිස්)

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්