The Leader News
BREAKING
හෝටල් සේවිකාවට අතවර චෝදනා: ඉන්දීය පිහිනුම් ශූරයාට ජීවිතාන්ත තහනම් අවදානමක්●සෙම්මනි වාර්තාවේ නිගමනවලට එරෙහිව අධිකරණය හමුවේ විරෝධයක්●ආසියා-පැසිෆික් සුව සමුළුවේදී ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්●දේශීය ඖෂධවලට ලෝකය දිනන අලුත් වෙළඳපොළක්●Ballon d’Or සම්මානය : විසිපස් වසරකට පසු එංගලන්ත නායක හැරී කේන් හිමිකරගනී!●ශ්‍රී ලාංකේය පාපන්දුවට නව යුගයක්!: ක්‍රීඩා ඇමති හා FIFA ප්‍රධානීන් අතර සාකච්ඡාවක්!●රසල් බ්‍රෑන්ඩ්ගේ නඩු විභාගයේදී හිටපු සහයිකාවගෙන් හෙළිදරව්වක්●කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්●කෘත්‍රිම බුද්ධි ගායිකාවකගේ 'ගැබ්ගැනීම' නිසා චීනයේ ඇවිළුණු අර්බුදය●උඩරට දුම්රිය මාර්ගය: පීලි හැදුවත් පොළොව ෂුවර්ද●
Top Ad
පුවත්

අනුර කුමාර ‘බැටළුවා තෙමෙන විට අඬන වෘකයෙක්’: සිවාජිලිංගම්

T

The Leader Desk

June 13, 2024 • 4:01 PM

අනුර කුමාර ‘බැටළුවා තෙමෙන විට අඬන වෘකයෙක්’: සිවාජිලිංගම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනාගත ස්ථාවරය වර්තමානයේදීම හෙළි කරන ලෙස දෙමළ පක්ෂයක නායකයෙක් අභියෝග කර තිබේ.
  • පළාත් සභාවලට බලය බෙදීම සම්බන්ධයෙන් සෘජු අදහසක් පල කොට නැති අනාගත ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ‘ඉතිහාසයත් එක්ක ජීවත් වීම’ දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබුණි.
  • දෙමළ ජනතාවගේ ඓතිහාසික වාසභූමිය ලෙස 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් පිළිගන්නා ලද උතුරු නැගෙනහිර එවක ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් එක් පලාතක් ලෙස ඒකාබද්ධ කර තිබිණි.
  • ඊට එරෙහිව නඩුවක් පැවරූ ජනතා විමුක්ති පෙරමුණට ජය අත් කර දෙමින් අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඇතුළු පංච පුද්ගල සර්ව සිංහල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම ඒකාබද්ධය වලංගු නොවන බව තීන්දු කොට 2006 ඔක්තෝබර් 16 දා උතුර නැගෙනහිරින් වෙන් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

අනාගත ස්ථාවරය වර්තමානයේදීම හෙළි කරන ලෙස දෙමළ පක්ෂයක නායකයෙක් අභියෝග කර තිබේ.

දෙමළ ජාතික පක්ෂයේ (TNP) ලේකම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරට එම අභියෝගය කළේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) සමග පැවැති සාකච්ඡාවකින් පසු අනුර කුමාර දිසානායක මාධ්‍යවේදීන් හමුවේ දක්වා තිබු අදහස් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිවාජිලිංගම්ගෙන් විමසු අවස්ථාවේදීය.

පළාත් සභාවලට බලය බෙදීම සම්බන්ධයෙන් සෘජු අදහසක් පල කොට නැති අනාගත ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ‘ඉතිහාසයත් එක්ක ජීවත් වීම’ දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබුණි.

“අනාගතයේදී සහයෝගය දෙන්න යන ස්ථාවරය මොකක්ද නොකියා අතීතය අමතක කරන්න කිව්වොත් මොකද කරන්න පුළුවන්? දැන් උනත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ නඩුවේදීත් සරත් එන් සිල්වා මහාධිකරණ තීන්දුවෙන් කියලා තියනවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් යාබද පළාත් දෙකක් හෝ තුනක් ඒකාබද්ධ කරන්න පුළුවන් කියලා. ජවිපෙට ඒක කරන්න කියන්නකෝ,” යි එම්. කේ. සිවාජිලිංගම්ගෙන් අභියෝග කර තිබේ.


දෙමළ ජනතාවගේ ඓතිහාසික වාසභූමිය ලෙස 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් පිළිගන්නා ලද උතුරු නැගෙනහිර එවක ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් එක් පලාතක් ලෙස ඒකාබද්ධ කර තිබිණි. ඊට එරෙහිව නඩුවක් පැවරූ ජනතා විමුක්ති පෙරමුණට ජය අත් කර දෙමින් අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඇතුළු පංච පුද්ගල සර්ව සිංහල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම ඒකාබද්ධය වලංගු නොවන බව තීන්දු කොට 2006 ඔක්තෝබර් 16 දා උතුර නැගෙනහිරින් වෙන් කරන ලදී.


හදිසි නීතිය යොදාගෙන පළාත් ඒකාබද්ධ කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ප්‍රකාශ කළ අධිකරණය ඒ සම්බන්ධ තීන්දු ගත හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් යයි පෙන්වා දුන්නේය.

උතුරු නැගෙනහිර බෙදා වෙන් කිරීම ගැන අනුර කුමාර දිසානායක වගකිවයුතු බවට එල්ල වන චෝදනා සම්බන්ධ මතය කුමක්දැයි උතුරේ මාධ්‍යවේදීන් ජුනි 10 වැනිදා අනුර කුමාරගෙන් විමසු විටදී ඔහු පවසා තිබුනේ මේ මොහොත් කල්පනා කළ යුත්තේ අතීතය නොව අනාගතය නිර්මාණය කර ගැනීම පිළිබදව බවයි.

“ඇත්තටම ඉතිහාසයේ අපි එකිනෙකා අතින් සිදු වෙච්ච සිදුවිම් තිබෙනවා. දැන් අපි කල්පනා කරන්න ඔන ඉතිහාසයේ ජීවත් වෙමින් තිබෙනවාද, අනාගතය සදහා දොරටු විවෘත කරගන්නවාද, ඒ නිසා ඉතිහාසය අපි සාකච්ඡා කරන්න ගියොත් විවිධ පාර්ශවයන්ට විවිධ කරුණු අපිට ඉතිහාසය පිළිබදව සාකච්ඡා කරන්න පුළුවන්. වර්තමානයේ අපි ඉන්නේ ඉතිහාසය පිළිබදව නෙමෙයි අනාගතය නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක තමයි  අපේ අදහස තිබෙන්නේ. ”

 

දෙමළ ජනතාවට දේශපාලනයේ අයිනීන් පිළිබදව ‘ශක්තිමත් සහතිකයක්’ ලබා දිය යුතු බව පවසන අනුර කුමාර දිසානායක ඒ සදහා සිය පක්ෂයේ වැඩ පිළිවෙල හෙළි නොකරම තව දුරටත් අවධාරණය කර තිබුනේ අතීතයේ ජීවත් වූවහොත් අනාගතයක් නිර්මාණය කර ගත නොහැකි බවයි.


“එසේ අනාගතය නිර්මාණය කර ගැනීම සදහා දෙමළ භාෂාව කතා කරන ජනතාවට, දෙමළ ජනතාවට විශේෂයෙන්ම දේශපාලනයේ අයිනීන් පිළිබදව ශක්තිමත් සහතිකයක් ලබා දිය යුතුව තිබෙනවා. ඒ වගේම එම ජනතාව පිළිබදව තීන්දු තීරණ ගැනීමේදී ඔවුන්ට අයිතියක් ලබා දිය යුතුව තිබෙනවා. මේ ආදී කරුණු පිළිබදව අපි අවධානය යොමු කළ යුතුයි. අපි හැම කෙනාම ඉතිහාසයත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තොත් අපිට අනාගතයක් නිර්මාණය කරගන්න හම්බවෙන්නේ නෑ.”

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිම වෙනුවෙන් මේ මොහොතේ හෝ ක්‍රියාමාර්ග නොගෙන, අතීතය අමතක කිරීමට යෝජනා කරන ජාතික ජන බලවේලයේ නායකයාට, යුද සමයේ ඔවුන්ගේ භුමිකාවද ජුනි 11 වැනිදා යාපනය මාධ්‍ය සමාජය තුලදී  සිහිපත් කර දුන් සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා NPP ක්‍රියා කලාපය සම කර තිබුනේ ‘බැටළුවා තෙමෙන විට අඬන වෘකයන්ට’ ය.

“ඒ හැර අතීතය අමතක කරමු කියන්නේ, අතීතයේ තරුණයන් දහස් ගණනක් එකතු කරලා හමුදාවට දීලා, විමුක්ති කොටීන් සහ දෙමළ ජනතාව ඝාතනය කළ වර්ග සංහාරය, යුද අපරාධ සිදු කළ යුද්ධය තීව්‍ර කළේ ජවිපෙ. බැටළුවා තෙමෙන විට වෘකයා අඬන කතාව වගේ අද වෘකයෝ අඩනවා. ඔවුන් මොන වගේද වගේම ඔවුන් ක්‍රියා කළේ කොහොමද කියලත් අපි දන්නවා. තව මාස දෙකක් කල් තියනවා. මොනවා හරි කරන්න ඕනේ නම් දැන්මම කරන්න.”

අනුර කුමාර දිසානායක ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමග පැවැති සාකච්ඡාවකින් පසු ජුනි 11  යාපනයේ මාධ්‍යවේදීන් සමග තව දුරටත් පවසා තිබුනේ දැනට ක්‍රියාත්මක වන පළාත් සභාවලින් ‘ඔබ්බට යන’ ක්‍රියාදාමයක් අවශ්‍ය බවයි.

“දැනටම පළාත් සභා කියන්නේ බලය බෙදා හැරීමක්. ඒ නිසා දැනටමත් ක්‍රියාත්මක වන පළාත් සභා පිළිබදව අපේ එකගතාවය පළ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි පළාත් සභා වලින් දැනට තිබෙන තත්වය, විසදුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිලි ගන්නවා. ඒ නිසා එතනින් ඔබ්බට යන ක්‍රියාදාමයක් අපිට අවශ්‍යයි. ඒක ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික, ආර්ථික මේ ආදී ක්ෂේත්‍ර ගණනාවක යළි වෙනස් කමකින් තමයි ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ කියලා අපි විශ්වාස කරනවා.”

13 ගැන සජබ

මේ අතර කිලිනොච්චිය ප්‍රදේශය පැවැති සක්වල වැඩසටහනකට එක්වෙමින් සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂ නායක ද වන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජුනි 9 වැනිදා යළිත් වරක් සපත කර තිබුනේ සිය ආණ්ඩුවක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි.

“අනිකුත් නායකයෝ එක එක බොරු, එක එක වෙලාවට, එක එක අවස්ථාවල, එක එක පැති වලට, කියන කොට අපි පැහැදිලිවම කියලා තියනවා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවයි කියලා. 13 වැනි සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවා. ජාත්‍යන්තර කම්කරු දිනයේදීත් අපි ඒ ප්‍රතිඥාව ලබා දුන්නා. අද මේ උතුරටත් ඇවිල්ලා අපි අපේ රටේ ව්‍යවස්ථාවේ, උත්තරීතර නීති පොතේ තිබෙන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි ක්‍රියාත්මක කරනවයි කියන එක උතුරෙත්, දකුණෙත්, නැගෙනහිරත්, බස්නාහිරත්, රටේ පළාත් නමයේම ජනතාවට අපි ඒ ප්‍රකාශය කරනවා.”

විපක්ෂ නායකයා ඊට පසු දින වු ජුනි 11 වැනිදා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයන් යාපනයේ දී මුණගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දීම ගැන සෘජු පිළිතුරක් දීමට අසමත් විය.


13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී එහි දැක්වෙන පරිදි පොලිස් හා ඉඩම් බලතල ලබා දෙන්නේදැයි මාධ්‍යවේදීන් විමසු විට අනාගත ජනාධිපති අපේක්ෂකයා පිලිතුරු දී තිබුනේ තමන් ‘13 මයිනස් හෝ ප්ලස්’ ගැන කතා නොකළ බවයි.


“13 වැනි  ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මේ අහසින් කඩන් වැටුනු අලුත් දෙයක් නෙමෙයි. ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති පොතේ තිබෙන දෙයක්. එය ක්‍රියාත්මක කිරීමේ දී අපි කොහොමද එය කාර්යක්ෂමව, කාර්ය ශුරව, පිලිවෙලකට, ක්‍රමවත්ව, ක්‍රියාත්මක කරන්නේ කියන එක ගැන අපි මාර්ග සිතියමක්, රෝඩ් මැප් එකක් හදාගෙන ඒක ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ නිසා මම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරේ 13 පිළිබදවයි. නැතුව 13 මයිනස්වත්, 13 ප්ලස්වත් පිළිබදව නෙමෙයි.13 ගැන තමයි මං කිව්වේ.”

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුර කුමාර ‘බැටළුවා තෙමෙන විට අඬන වෘකයෙක්’: සිවාජිලිංගම් | The Leader