අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීම සැලසුම්සහගතව සිදු කළ බවට චෝදනා ලැබ

සිටින සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගත වී තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

එම සහකාර පොලිස් අධිකාරීවරයා මැලේසියාවට ගොස් තිබෙන බවට අනාවරණය වන අතර පොලිසියේ නිසි අවසරයකින් තොරව විදේශගත වීම සහ රාජකාරි ගිනි අවිය අක්‍රමවත් ලෙස පොලිසියට භාර දීම යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව ද ඒ අනුව ඉදිරියේදී පොලිස්පතිවරයා විසින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසීය.


''දෙදෙනාගේ සැලසුම්සහගත ක්‍රියාවක්''


මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“අනුරාධපුර, සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා පසුගිය 11 වැනිදා විදේශගත වී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී නිසි අවසරයකින් තොරව මෙසේ විදේශගත වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනවා. නමුත් දැනට අනාවරණය වී තිබෙන්නේ නීත්‍යනුකූල ලෙස විදේශගත වී තිබෙන බවටයි. නමුත් රජයේ නිලධාරියකු වශයෙන් පොලිසියට දැනුම් නොදීම මූලික වරද වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ක්‍රියාත්මක කළා. පසුගිය කාලයේ අනුරාධපුර ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර් රථයකට මන්ත්‍රීවරයාගේ නිවෙස ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කළා. එහිදී මෙම සිදුවීමට අදාළ මෙම සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සැලසුම්සහගතව මෙය සිදු කළ බවට අනාවරණය වී තිබෙනවා. අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා දන්නා හඳුනන පුද්ගලයන් ලෙස මේ සිද්ධිය සැලසුම්සහගතව සිදු කළ බවට නිරීක්ෂණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අතරතුර මෙම පුද්ගලයා විදේශගත වී තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරනවා. කෙසේ වුවද මීට දින කිහිපයකට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් වාර්තා කර තිබෙනවා.''

 
 
 
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්