ශ්‍රී ලංකාවටත් රටේ ආරක්ෂක හමුදාවන්ටත් එල්ලවූ යුද අපරාධ චෝදනා වලට එරෙහිව නැගී සිටිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට

පෙළ ගැසුණු 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාශය මුදුන් පමුණුවාලීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බව සර්ව ජනබලය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා රටේ පවතින එකම දේශපාලන බලවේගය සර්වජන බලය දේශපාලන එකමුතුව බවයි සර්වජන බල‍යේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පෙන්වා දෙන්නේ.

2019 දී ජනතාව ලබා දුන් ජන වරම එම ජනවරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරියේ පාවාදෙමින් සිටින බව ප්‍රකාශ කල මන්ත්‍රීවරයා, මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් සිටින අතර එය සැප්තැම්බර් මාසයේදී බොහෝ දුරට ඉදිරිපත් කෙරෙනු ඇති බව ද පැවසීය.



'' මාස දෙකකට සේලයින් ලැබීල '' - වීරසුමන වීරසිංහ

 

IMG 20240614 WA0012
 
අයි එම් එෆ් තෙවන වාරිකය හරහා මාස දෙකකට සේලයින් ලැබී ඇති බවත් බිලියන පනස් දෙකක ණය කන්දක් තබාගෙන ඩොලර් බිලියනයක් සඳහා රටේ රාජ්‍ය ව්‍යවසාය විකුණා දමමින් රාජ්‍ය සම්පත් විනාශ කරන බව සර්වජන බලය දේශපාලන එකමුතුව ඊයේ (ජුනි 13 වැනිදා) බොරැල්ල දේශපාලන මුලස්ථානයේදීපැවැත්වු මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ කියා සිටියේය.

මෙම තත්වය වලක්වා ගැනීමට වහාම ව්‍යවසායකත්ව දේශීය යාන්ත්‍රණයක් දියත් කල යුතු බවත් ඒ සඳහා සියලු දේශහිතෙෂි බලවේග එකට එක් විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ලෙඩා මලත් බඩ සුද්දයි න්‍යාය හේතුවෙන් නන්නත්තාර රටක් පමණක් ඉතිරිවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

69 ලක්ශයෙන් කෙනෙක්නම් 18 වැනිදාට නුගේගොඩට එන්න...
 
IMG 20240614 WA0014
 
එළඹෙන 18 වන අඟහරුවාදා නුගේගොඩදී , 69 ලක්ෂයේ බලාපොරොත්තු යලි බල ගන්වන මහා ජන රැලියක් සර්වජන බලය දේශපාලන එකමුතුව වශයෙන් සංවිධානය කෙරෙන බවත් එය ශ්‍රී ලංකාවේ වාමවාදී ජාතිකවාදී දේශප්‍රේමී ජනතාවගේ ජන අභිලාශය මුදුන් පමුණුවාලන මෙරට ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත් කෙරෙන ආරම්භයක් සනිටුහන් කරනු ඇති බවත් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශවිය. 
 
 
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සර්වජන බලය විධායකසභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහභාගී වී සිටියහ.

එහිදී 69 ලක්ශයෙන් කෙනෙක්නම් 18 වැනිදාට නුගේගොඩට පැමිණෙන ලෙස මෙරට වාමවාදී ජාතිකවාදී දේශප්‍රේමී ජනතාව වෙත ගෞරවයෙන් ආරාධනා කරන බව පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී සංසදය නියෝජනය කරමින සර්වජන බල‍යේ විධායක සභික චන්න ජයසුමන සඳහන් කළේය. 

''ජාතිවාදය පැතිරවීමට ගන්නා උත්සාහය පරාජය කල යුතුයි'' -  අනුරාධා යහම්පත්
 
IMG 20240614 WA0006
හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සාකච්ඡාවට එක් වෙමින්, ආණ්ඩුව නැවත 13 වන සංශෝධනය හරහා රටපුරා ජාතිවාදය පැතිරවීමට ගන්නා උත්සාහය පරාජය කල යුතු බව අවධාරණය කර සිටියාය.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකාබද්ධ වෙමින් විවේචන, විසඳුම් සහ පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක් යන තේමාව යටතේ "සර්ව ජන බලය" නමින් මෙම දේශපාලන සන්ධානය ආරම්භ කෙරුණු අතර මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙම දේශපාලන එකමුතුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරයි.
 

 
(චතුරංග මේදිස්)
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්