රහස් පොලිසිය රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලා සිටියේ යැයි චෝදනා එල්ල කරමින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලන අවුරා

ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල, සැකකරුගේ ඉල්ලීම ලබන 18 සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ඊයේ (13) දන්වා සිටියාය.

සැකකාර තාබුගල විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථානාධිපතිවරයා පෙනී නොසිටි හෙයින් මෙසේ දින නියම කළේය.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි තාබුගල, රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ හමුවේ පසුගිය 27 දින කරුණු ඉදිරිපත් කළේය.

සැකකාර තාබුගල සිය නීතිඥ උපාලි ජයමාන්න මගින් මෙම චෝදනාව ඉදිරිපත් කළේය.

(lankadeepa.lk - රෝෂන් තුෂාර)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්