වසර 2022 අප්‍රේල් මස 12 අප රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.



එදා පටන් අද මේ මොහොත දක්වා අප රටේ සමාජ ආර්ථික දේශපාලන ක්ෂේත්‍රයන් සිදු වූ සාධනීය වෙනස්කම් පිළිබඳව කිසිදු පක්ෂපාතිතයකින් තොරව යම් කරුණු දැක්වීමක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

වසර 2022 ආරම්භයට පෙර අප රටේ ආර්ථිකය ඉතා විශාල දේශීය විදේශීය ණය කන්දරාවක හිරවී තිබුණි. එය ඔබ අප කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

එපමණක් නොව ඒ වන විට රටේ විවිධ සමාජ දේශපාලන අර්බුද  පැන නැගී තිබිණි.

මෙවන් වටාපිටාවක කිසිදු අනාගතවාදී වැඩපිළක් නැතුව    අතරමංව තිබූ රට නැවත තිරසාර ගමනක් කරා රැගෙන යාමට   නායකත්වය දිය හැකි අයෙකු සෝමින් සිටියේය.

එම අවස්ථාවේ ඒ සඳහා ඉදිරිපත් වූයේ වත්මන් ජනාධිපති වික්‍රමසිංහ මහතායි.

එතුමාගේ නායකත්වයෙන් මේ වන විට රටේ ආර්ථික සමාජය දේශපාලන ක්ෂේත්‍රයන්හි යම් ප්‍රගතිශීලි  සාධනීය ජයග්‍රහණ රාශියක් ලබා ගනිමින් තිබේ.ඒවා අතර රටේ ආර්ථිකය  පිළිබඳව   අත් කරගත් යම්  ප්‍රගතියක් වේද මේ ලිපියෙන් අපි ඒය කතා කරමු.


නිදහසින් පසු...

ඉතිහාසයේ වාර්තා වූ දරුණු තම  ආර්ථික අර්බුදය වසර 2022 දී සිදුවිය. ඉන් යාන්තම් ගොඩට ඒමට මේ වන විට ආරම්භයක් ගෙන ඇත.එය ආරම්භ කොට අද වන විට වසර එකහමාරක් පමණ ගතව ඇත.  

එහිදී අප ළඟා කරගත් දේ මොනවාද? ඒ ළඟා කර ගැනීම පහසු වූවාද? ගැඹුරින් කල්පනා කර බැලිය යුතුය.

 සැප්තැම්බර් මාසය වන විට අප රටේ උද්ධමනය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම උද්ධමන සියයටසීයක්ම විය.

 නැතිනම් ඊට ආසන්න විය.

 රටේ විදේශ විනිමය සංචිතයඩොලර් මිලියන විස්සට අඩු විය.  

 රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන ගෑස් ආනයනය කිරීමට ප්‍රමාණවත් විදේශය විනිමය ප්‍රමාණයක් රට තුළ නොවීය. මේ නිසාම එවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන රැගෙනා නැව් මහ මුහුදේ නැංගුරාලා තිබිය. භාණ්ඩ ගොඩගෑමට මුදල් ගෙවන තුරු  ප්‍රමාද ගාස්තු ගෙවමින් නැව් ගාල්කර තිබිණි.

කෙසේ හෝ සොයා ගන්නා ඩොලර් ප්‍රමාණයක් ගෙවා එම භාණ්ඩ ගොඩබා ජනතාව අතරට පත් කිරීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය.

 මේ අවස්ථාවේ එම බාරදූරීකාරී ඉටු කළේ වත්මන් ජනපතිවරයාය. ඔහු තමා වෙත පැවරූ රාජකාරිය ඉතා ඉවසිලිවන්තව ඉටු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්  ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලඟා කර ගැනීමේ  මුල් පියවරට මේ වන විට පියවර තබා ඇත.

 රට මුහුණ දී තිබූ දේශීය විදේශීය ණය මුදල ගෙවා ගැනීමට නම් වහාම අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බවට ඔහු යෝජනා කළේය. එවකට ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටි බොහෝ දෙනා මීට විරුද්ධ වුවද ඔහු වෙත විවිධ විවේචන එල්ලු වුවද ස්ථාවරයේ වෙනස් නොකොට එම අරමුණ හි එහෙම සිටියේය.

බොහෝ දෙනාගේ අපහාස උපහාස මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේය. එහි ප්‍රතිඵල මේ වෙන විට ලැබෙමින් තිබේ.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්ථීර ණය වස් මහ ණය පහසුමක් ලබා ගැනීමට ඔහු ක්‍රියා කළේය. එවැනි ණය පහසුමක් ලබා ගැනීමේදී ඔවුන්ගේ කොන්දේසිවලට යට වීමට අපට සිදුවිය. ඒ සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.  නමුත් එම කොන්දේසි අප රටට හිතකර ලෙස යොමු කර ගැනීමට ඔහු සමත්ව ඇත.  

ජාත්‍යන්තර  මූලය අරමුදල සමග ගනුදෙනු කිරීමෙන් ජාත්‍යන්තර සමඟ ගනුදෙනු කිරීමට  අප රටට හොඳ සහතිකයක් ලැබී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වෙනුවෙන් ඉහළ අයවැය පරතරයයි.

ආනයන අපනයන අතර පවතින විශාල පරතරයයි.

මෙම ප්‍රශ්න දෙකටම විසඳුම් සෙවීමේදී අපි රටක් ලෙස රජයේ ආදායම් වැඩිකර ගත යුතුය. එමෙන්ම අපගේ අපනයන ආදායම් වැඩිකර ගත යුතුය.

මෙම ගැටලු දෙක විසඳීමට ඇති එකම විකල්ප වනුයේ අප රටේ ආර්ථිකය ප්‍රතිසංස්කරණයට ලක් කිරීමය. අපගේ ආදායම් ඉහළ නංවා ගැනීමය.

රජය මේ අරමුණින් බදු ප්‍රතිසංස්කරණ රාශියක් හඳුනා දුන්නේය.ඒවා සියල්ල සිදු කළේ දැඩි අභියෝගාත්මක පසුබිමක් තුළය.

බදු ප්‍රතිසංස්කරණ සමග ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ ආදායම්, රාජ්‍ය ආදායම් වැඩිවීමක් සිදුවිය.

රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමේදී අලුත් බඳු හඳුන්වාදීමට, බදු ප්‍රතිශත වැඩි කිරීමට සිදුවිය.

ඉන්ධන, විදුලිය ,ජලය, සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පෝලිම්වල සිටි ජනතාවගෙන් බදු අය කර ගැනීමට පියවර ගැනීම ඉතා අමාරු කාර්යයක් විය. නමුත් කෙතරම් අමාරු කාර්යයක් වුවත් ජනාපතිවරයා ඒ සඳහා පියවර ගත්තේය.

එහි ප්‍රතිඵල අද රට ලැබී ඇත.ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම් ලබන රටක ලේඛනය සිට ශ්‍රී ලංකාව මේ වන විට ඉන් ගැලවී ඇත. දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස සියයට එකොළහක රාජ්‍ය ආදමක් ලබන රටක් බවට පත්වී ඇත. ඒ සඳහා ජනාධිපතිවරයා සිදුකළ බදු ප්‍රතිසංස්කරණ ඉවහල් විය.

 බදු ආදායම් වැඩිකර ගැනීමෙන් නොනැවතී රටේ අපනයන ආදායම ඉහළ නංවා  ගැනීමට ජනපති වරයා කටයුතු කරමින් සිටි.

 එක්සත් ජනපද ඩොලර්යට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල රුපියල් 400 ක් 450ක් වනු ඇතැයි කෙනෙකු අපේක්ෂා කළේය. මේ සමගම ආනයන වියදම් ඉතා දැඩි ලෙස ඉහළ යනු ඇතැයි කෙනෙකු හිතුවේය.

 එවැනි අසුභවාදී කටයුතු මැද කෙසේ හෝ ශ්‍රී ලංකා රුපියල් අගය ආරක්ෂා කර ගනිමින් අපනයන ආදායම වැඩි කර ගනිමින් රට ඉදිරියට  ආරම්භ වී ඇත.

කොවිඩ් ව්‍යසනය,  පාස්කු ඉරිදා ප්‍රහාරය, රජයේ  ආදායම් අහිමිවීම  වැනි දුෂ්කරතා  මත බිඳ වැටුණු රටේ සියලු අංශය  මේ වෙන විට ක්‍රමිකව ඉහළ යමින් පවතී. මේ අතර සංචාරක කර්මාන්තය  විදේශ විනිමය ගෙන ඒමට පියවර ගනිමින් සිටියි.

එපමණක් නොව විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ වැඩින්න කටයුතු කරමින් සිටි.

  ඩොලර් මිලියන විස්සක් තරම්  අඩු වූ මෙරට විදේශ නිල සංචිතය මේ වන විට ඩොලර් බිලියන 5.4 දක්වා වැඩිවී ඇත.

ලබාගත් ජයග්‍රහණ ප්‍රමාණවත් නැත. ඉදිරියට ළඟා ලබාගත යුතු ජයග්‍රහණ බොහෝය. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ රට නැවත බංකොලොත් රටක් නොවන තැනට වගබලා ගැනීමය.

එවැනි ගමනක් යාමට නම් මේ අවස්ථාවේදී ආරම්භ කර ඇති ආර්ථික සමාජ ප්‍රතිසංස්කරණය  සියල්ල ඒ ආකාරයට අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා කිසිවිටෙකත් වෙනස් නොකළ යුතුය. එය ශ්‍රී ලංකා මහබැංකුවේ මෙන්ම මුදල් හා ආර්ථික ස්ථායි කරන  ජාතික ආර්ථික ප්‍රතිපත්ති  අමාත්‍යාංශයේදී  මතයයි.

 එවැනි ගමන් මග ගොස් ඉතා තිරසාර සෞභාග්‍යය  මත් රටක් බිහිකර ගැනීමට හැකිවනු ඇත.

(සටහන - ජේ. මුණසිංහ)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්