ගජමිතුරු ධන කුවේරයන් විශාල ප්‍රමාණයක් කෝටි ප්‍රකෝටි ගණන් ණය ගෙන බලවතුන්ගේ සම්බන්ධකම් තුළ ණය විශාල ප්‍රමාණයක් කපා හැර ඇති බව මෙන්ම බදු ගෙවීම්ද පැහැර හැර ඇතැයි විපක්ෂ නායකවරයා පවසයි.


පාර්ලිමේන්තුවේ දී කෝටි ප්‍රකෝටි ගණන් ණය ගෙන ඒවා නොගෙවා සිටින මෙන් ම ණය කපාහැරි පුද්ගලයන්ගේ හා ආයතනවල නම් ප්‍රසිද්ධ කර ලෙස මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර සිටියේ ණය ගනුදෙනු රහසිගත නිසා නම් ගම් හෙළිදරව් කළ නොහැකි බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ (ජුනි 15) කුරුණෑගල එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 240 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කෝටි ගණන් ණය ගෙන ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කර පාලකයන්ට සංතෝසම් ලබා දීම තුළ ණය කපාහරින ලද දැවැන්ත ආයතනවල පුද්ගලයන්ගේ නම් ටික හෙළිදරව් නොකරණ රජය සමස්ත ජනතාවගේ කරපිට අසීමිත බදු බරක් පටවා ඇති බවත් මෙය බලවත් අසාධාරණයක් බවයි හෙතෙම අවධාරණය කරන්නේ.

වර්තමානයේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පවසන විපක්ෂ නායකවරයා තවතවත් අලුත් බදු වර්ග ජනතාවගේ කරපිට පටවන්න IMF එක උපදෙස් දී ඇති බවත් එයට හේතුව ජනතාවගේ පැත්තෙන් නොසිතා ජනතාවට අසීමිත පීඩනයක් බරක් පටවන IMF ගිවිසුමකට එළඹීම බව පෙන්වා දෙයි.

IMF සහභාගීත්වය තුළ රට ගොඩනැගීම යථාර්ථවාදී හා ප්‍රායෝගික දෙයක් වුවත් ශක්තිමත් ලෙස කොදුනාරටිය කෙළින් කර ගෙන ජනතාවට සහන ලැබෙන ජනතා කේන්ද්‍රීය ගිවිසුමකට ප්‍රවේශ වීම රජයේ වගකීම බවත් අලුතින් බදු පටවන්නේ රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම නිසා බවයි ඔහු පවසන්නේ.

අමතර බදු පැටවීම සිදු නොකර බදු එකතු කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව සිදුකළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්