මුදල් අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා එක්කර තිබෙන වාර්තාවෙන් ආන්දෝලාත්මක කරුණු රැසක් හෙළිකර තිබේ.


මෙයට පෙර එවැනි හෙළි කිරීම් හමුවේ ලිස්සා යන ප්‍රතිපත්තියක් අනුගමනය කළ මුදල් අමාත්‍යංශ නිවේදනවලට මාතෘකාවක් සපයන තවත් ඉතා වැදගත් දත්තයක් වාර්තා කිරීමට සිදුවී තිබේ. 

රජයේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2022 දෙසැම්බර් 31 දින රාත්‍රිය වනවිට රජය සතුව පැවති මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම රුපියල් 2,093,287,997,716ක් වී තිබී ඇත. එම වටිනාකම 2023 ජනවාරි 01ට එලිවෙද්දි රුපියල් 2,017,866,940,344ක් වී තිබිණි. ඒ අනුව රැය පහන් වනවිට රුපියල් 75,421,057,372ක වටිනාකමක් වාෂ්ප වී තිබේ.

ගිණුම් කටයුතුවලදී එක් වර්ෂයක් අවසානයේ දැක්වෙන ශේෂයන් ඊලඟ වර්ෂය ආරම්භයේ අලුත් පිටුවකින් ඉදිරියට ඒම සිදු කෙරේ. 

මුදල් අමාත්‍යංශයේ සිටින අදාළ වගකිව යුත්තන් දෙසැම්බර් 31 රැය ගෙවී ජනවාරි ද1 වෙනිදා උදා වනවිට ඊලඟ පිටුවෙන් ගිණුම් කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී ආශ්චර්යමත් ලෙසින් රුපියල් කෝටි 7,542ක් වාෂ්ප කර ඇත.

 

hoiu

(lankatruth.com)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්