ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බවට ජාතික ජනබලවේගයේ නායකයා, ලන්ඩන් හි ඊයේ (15) පැවති ජනහමුව අමතමින් ප්‍රකාශ කර තිබේ.


මෙරට ඇත්තේ අනෙකාට එරෙහි දේශපාලනයක් බවත් අනෙකාට එරෙහි දේශපාලනය ගොඩනැගීම විසින් ඇති තරම් යුද්ධ, ගැටුම් නිර්මාණය කළ බවයි අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ.

“අපේ රටේ මුළු දේශපාලන ඉතිහාසයම ගොඩනැගී තිබෙන්නේ අනෙකාට එරෙහි දේශපාලනයක් ලෙසයි. දකුණේ සිංහල ඡන්ද ගන්න ඒ ව්‍යාපාර වැඩ කරන්නේ අනෙකාට එරෙහිව. 2005 නම් උතුරට එරෙහිව. 2010 නම් දෙමළාට එරෙහිව. 2019 නම් මුස්ලිම් ජනතාවට එරෙහිව. ආණ්ඩු හැදුවේ එහෙම. දකුණේ පක්ෂ උතුරට එරෙහිවත්, උතුරේ පක්ෂ දකුණට එරෙහිවත් ගොඩනගනවා. නැගෙනහිර පක්ෂ දකුණට එරෙහිව ගොඩනඟනවා. එක්සත් රාජධානියේ ජීවත් වෙන ඔබ අනෙකාට එරෙහි දේශපාලනයක් දකිනවාද? අනෙකාට එරෙහි දේශපාලනය ගොඩනැගීම විසින් ඇති තරම් යුද්ධ, ගැටුම් නිර්මාණය කළා.”

ජාතික ජන බලවේගයේ ලන්ඩන් ජන හමුව අමතමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ලංකා පොළොව තෙත්වන තරම් ලේ ගලාගෙන ගියා. ගංගා පිරෙන තරම් උතුරේත්, දකුණේත් අම්මා තාත්තගේ කඳුළු ගලා ගිය බවයි.

හිතාමතා අසීරුවෙන් හෝ ඉදිරියට ගත යුතු වන්නේ ජාතික සමගියේ දේශපාලනය බව අවධාරණය කරන අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ ජාතික සමගියේ දේශපාලනය බව ප්‍රකාශ කර ඇත.

“එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව තිබූ කාලයේත් 1948න් පසුවත් අපේ රටේ තිබුණේ බෙදීමේ දේශපාලනයක්. ඒකෙන් අපට ලැබුණේ මොකක්ද? අවුරුදු 30 යුද්ධයක් පැවතුණා. දස දහස් ගණන් මිනිස්සු මිය ගියා. පාස්කු ප්‍රහාරය සිදුවෙනවා. ඒ බෙදීමේ දේශපාලනයයි. අපි ශ්‍රී ලංකවේ නව දේශපාලනයක් ඇති කරනවා. ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙන නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා.” යැයි ජාජබ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා තිබේ.

(චතුරංග මේදිස්)

 

npp 1 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්